අයිස් හදන්න ගන්න රසායනික ද්‍රව්‍ය තොගයක් තංගල්ලෙනුත් හසුවෙයි

0
7

අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා රසායන ද්‍රව්‍ය බවට සැකකෙරන තවත් ද්‍රව්‍ය තොගයක් තංගල්ල, නෙටොල්පිටිය ප්‍රදේශයේ ඉඩමක තිබී අද (07) පෙරවරුවේ සොයාගෙන තිබේ .

තංගල්ල පොලිස් ස්ථානයේ නිලධාරින්, නටොල්පිටිය වැලිවැන්න හරස් මාවතට යාබදව පිහිටි ඉඩමක අද පෙරවරුවේ විශේෂ වැටලීමක් සිදුකර මේ සක් කටයුතු ද්‍රව්‍ය සොයාගෙන තිබේ . ඒ , ප්‍රදේශවාසින්ගෙන් ලැබුණ තොරතුරකට අනුවය .

එහිදී එම ඉඩමේ තිබීයදීද , සොයාගෙන ඇති රසායනික ද්‍රව්‍ය තොගය ඊයේ මිද්දෙනිය, තලාව ප්‍රදේශයේ ඉඩමක් පරීක්ෂා කිරීමේදී සොයාගත් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා රසායනික ද්‍රව්‍යට බෙහෙවින් සමාන බව වාර්තා වෙයි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here