අයිස් සහ හෙරොයින් කිලෝ 296කට අධික ප්‍රමාණයක් සමග නාවික හමුදාව විසින් ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන තිබේ.
දකුණු මුහුදේදී අත්අඩංගුවට ගත් එම ධීවර යාත්‍රාව මේ වනවිට දික්ඕවිට වරායට රැගෙනවිත් ඇත.
එහි තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය 184kg අධික ප්‍රමාණයක් සහ අයිස් මත්ද්‍රව්‍ය 112 kg අධික ප්‍රමාණයක් ඇතැයි තහවුරු කරගෙන තිබේ.
අත්අඩංගුවට ගත් මෙම මත්ද්‍රව්‍ය තොගය පිළිබඳ නිරීක්ෂණය කිරීම සඳහා ආරක්ෂක නියෝජ්‍ය ඇමති අරුණ ජයසේකරද දික්ඕවිට වරායට පැමිණි අතර ඔහු මාධ්‍ය අමතමින් සඳහන් කළේ මත්ද්‍රව්‍ය වැටලීම් කිසිසේත් නතර කර නැති බවය. මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් දන්නා සියලු කරුණු ආරක්ෂක අංශ වෙත ලබා දෙන ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටී.
6
Saru News










