අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට – Saru News | සිංහල

0
6

අද (22) අළුයම මාදම්පිටිය සත්හිරු සෙවන මහල් නිවාසය අසළ නවතා තිබූ ත්‍රී රෝද රථයක සිටි සැකකටයුතු පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් පරීක්ෂා කර ඔවුන් සන්තකයේ තිබියදී අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගෙන ඇත.

සැකකරුවන් වයස අවුරුදු 24 හා 29 යන වයස්වල පසුවන වැල්ලම්පිටිය හා කොළඹ 15 ප්‍රදේශවල පදිංචිකරුවන් බව පැනසේ.

එක් සැකකරුවෙකු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් එකයි ග්‍රෑම් 300ක්, විද්‍යුත් තරාදියක් හා හෙරොයින් ජාවාරමෙන් උපයා ගත් බවට සැකකෙරෙන රුපියල් දහඅටදාහක් (රු. 18,000) සොයා ගෙන ඇත.

අනෙක් සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 201ක් සිය භාරයට ගත් බවයි පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් මාදම්පිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු කරයි


1

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here