ඇය ටික් ටොක්වල නිතර දුටු මුහුණක්
දරුවා නිවසේ වහලයට දමලා ඇයට පෙට්‍රල් දමා ගිනි තිබ්බේ ගෙදර වතුරත් කපලා
සැකකරු සැඟවිලා
අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ බව කියන සැමියකු විසින් සිය රූමත් බිරිඳට ගිනි තබා ඝාතනය කර සිය සිව් හැවිරිදි දරුවා වහලය මත තබා පලායෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලිසිය පුළුල් පරීක්ෂණයක් අරඹා තිබේ.
මෙම ඝාතන සිද්ධිය වැල්ලම්පිටිය ලයිසන්පොළ ප්‍රදේශයේදී සිදුව ඇති අතර ඝාතනයට සම්බන්ධ සැකකාර සැමියා අත්අඩංගුවට ගැනීමට ඊයේ (06දා) දිනයෙත් මෙහෙයුමක් ආරම්භ කර තිබිණි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ තුෂාරි නමැති 29 හැවිරිදි ටික්ටොක්වලට සමාජ මාධ්‍ය හරහා පෙනී සිටි විවාහක කාන්තාවකි.
මෙම කාන්තාවගේ සැමියා විසින් නිවසේ වහලයට නැඟ එම වහලයේ ෂීට් ඉවත් කර නිවසට ඇතුළු වී පෙට්‍රල් බෝතලයක් රැගෙනවිත් එය බිරිඳගේ හිසට හලා ගිනි තබා ඇතැයි හෙළිවූ බව පොලිසිය කියයි.
පසුව දරුවාට හානියක් වේ යැයි සිතා සැකකරු දරුවා රැගෙනවිත් වහලය මත තබා පැනගොස් ඇතැයි හෙළිවූ බව ද පොලිසිය පවසයි.
දෙදෙනා අතර මතගැටුම් තිබී ඇති අතර සැකකරු විසින් වරින්වර මෙම කාන්තාව මරණ බවට තර්ජනය කර තිබේ. මේ හේතුවෙන් ඇය සැකකරුට විරුද්ධව පැමිණිලි කීපයක් පොලිසියට ඉදිරිපත් කර තිබේ.
මෙම සැකකරු දැඩි ලෙස මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වී ඇති අයකු බව හෙළිව ඇත. මේ හේතුවෙන් කාන්තාව සැකකරුගෙන් දික්කසාද වීමට නඩුවක් ද පවරා තිබී ඇතැයි හෙළි වූ බවද පොලිසිය කියයි.
සැකකරු නිතර නිතර මත්පැන් මිලදී ගැනීම සඳහා කාන්තාවගෙන් මුදල් ඉල්ලා ඇතැයි හෙළිව තිබේ. සැකකරු ඊයේ දහවල් වන විටත් අත්අඩංගුවට ගෙන නොතිබිණි.
සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
සැකකරු අදාළ ඝාතනයට පෙර නිවසේ ජල නළ පද්ධතිය ද විසන්ධි කර ඇතැයි හෙළිවූ බවද පොලිසිය කියයි.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ඇන්ටන් ප්‍රනාන්දු
Saru FM Media