මේ දිනවල විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගේ ඉල්ලීමකට අනුව යුරෝපයේ සංචාරයක යෙදී සිටින ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන ඇමති බිමල් රත්නායකගේ ප්‍රධානත්වයෙන් අයර්ලන්තයේදී පසුගිය 27 වනදා පවත්වා තිබේ.
අයර්ලන්තයේ වෙසෙන සහ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්වී සිටි අතර මෙහිදී අයර්ලන්තයේ වෙසෙන කීර්තිමත් ශ්‍රී ලාංකිකයන් 05 දෙනෙකුට ශ්‍රී ලාංකික නාමය ජාත්‍යන්තරව ඔසවා තැබීම වෙනුවෙන් ඔවුන් කළ කැපී පෙනෙන දායකත්වය ඇගයීමේ සංකේත ප්‍රදානයක්ද එහිදී සිදු කර ඇත.
එහිදී ව්‍යවසායකයින් වන අතුළ කුරුප්පු අච්චිගේ, තුවාම් නලීම් ඊබ්‍රහිම්, ගියාන් කුමාරසිංහ යන තිදෙනාත් ආචාර්ය මධුසංක ලියනගේත්, සූපවේදීන් වන අනුරුද්ධ වීරසිංහ සහ චමිල මනන්වත්ත මෙලෙස ඇගයීමට ලක්විය.
රැස්ව සිටි පිරිස අමතමින් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන ඇමති බිමල් රත්නායක එකමුතුකම, සිවිල් වගකීම සහ සහයෝගීතාවය අවධාරණය කර තිබේ. “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” යන ජාතික දැක්මට සහාය වීම සඳහා හවුල්කාරිත්වයේ විභව මාර්ග ගවේෂණය කරන ලෙස ඔහු අයර්ලන්තයේ ශ්‍රී ලාංකිකයින් දිරිමත් කර ඇත.
අර්ථවත් සම්බන්ධතාවය ශක්තිමත් කිරීම සහ ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ ප්‍රගතියට දායක වන සහයෝගීතාව සඳහා මාර්ග නිර්මාණය කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් ඔහු වැඩිදුරටත් අදහස් දක්වා තිබේ.
මෙම අවස්ථාවට නිදහස් දින සැමරුමේ සභාපතිත්වය දැරූ අයර්ලන්තයේ ජාතික ජන බලවේග කමිටුවේ විධායක සාමාජික රුවන් සමරතුංග ඇතුළු පිරිසක් එක්ව සිටියහ.








































2
Saru News















