ඉරාන ඉස්ලාමීය ජනරජයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි මියගිය බව ඉරාන රාජ්‍ය මාධ්‍ය තහවුරු කිරීමත් සමඟ, ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් ඒ පිළිබඳව දැඩි ප්‍රකාශයක් සිදු කර තිබේ.
අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ අලි කමේනිගේ අභාවය වෙනුවෙන් ලෝකය හෝ ඔස්ට්‍රේලියාව කිසිසේත්ම ශෝක නොවන බවය.
“අයතුල්ලා අලි කමේනි යනු ඉරාන පාලන තන්ත්‍රයේ බැලස්ටික් මිසයිල සහ න්‍යෂ්ටික වැඩසටහන්වලට මෙන්ම, සන්නද්ධ කණ්ඩායම්වලට සහාය දීමට වගකිව යුතු පුද්ගලයා” බව ඇල්බනීස් මාධ්‍යවේදීන් හමුවේ පවසා තිබේ.
ඉරාන ජනතාවට එරෙහිව ක්‍රියාත්මක වූ බෝම්බ ප්‍රහාර, ප්‍රචණ්ඩ ක්‍රියා සහ බිය වැද්දීම් පිටුපස සිටි ප්‍රධානියා ඔහු බවට අග්‍රාමාත්‍යවරයා චෝදනා කර තිබේ.
වඩාත් වැදගත් කරුණක් ලෙස ඔහු පෙන්වා දී ඇත්තේ ඔස්ට්‍රේලියානු භූමිය තුළ ප්‍රහාර එල්ල කිරීම සඳහා සැලසුම් සකස් කිරීමට ද කමේනි වගකිව යුතු බවයි.
“ඔහුගේ අභාවය වෙනුවෙන් කිසිවෙකු ශෝක නොවනු ඇත (His passing will not be mourned),” යනුවෙන් අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් දේශපාලන විචාරකයින් පෙන්වා දී ඇත්තේ ඔස්ට්‍රේලියාව ද අමෙරිකාව සහ ඊශ්‍රායලය ගන්නා ක්‍රියාමාර්ග කෙරෙහි සිය එකඟතාවය වක්‍රව පළ කර ඇති බවය.
Saru News












