අමෙරිකාව WHO සංවිධානයෙන් ඉවත් වෙයි

0
7

අමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයේ සමාජිකත්වයෙන් නිල වශයෙන් ඉවත් වී තිබේ.

ඒ, පසුගිය වසරේ ජනවාරි මස 20 වැනිදා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිකුත් කළ විධායක නියෝගයට අනුවය.

කොරෝනා වසංගතය පැවති කාලසීමාවේ මතු වූ ගැටලු කිහිපයක් මුල් කරගනිමින් එම පියවර ගෙන තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය, කොවිඩ් 19 කාලසීමාව තුළ නිසි පියවර නොගත් බවට සහ චීනයට පක්ෂපාතීව කටයුතු කළ බවට ට්‍රම්ප් පරිපාලනය චෝදනා කළේය.

මේ අතර අප්‍රේල් මාසයේ චීනයේ සංචාරයක නිරත වන බව, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here