අමෙරිකාව සහ ඊශ්‍රායලය ඒකාබද්ධව ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කරන යුද්ධය හේතුවෙන් මේ දක්වා ඉරාන නෞකා 30කට වැඩි ප්‍රමාණයක් මුහුදේ ගිල්වා දමා තිබේ.
අමෙරිකානු හමුදා ඊයේ (6) මේ බව තහවුරු කර ඇති අතර, එහිදී ඔවුන් අනාවරණය කර ඇත්තේ ඉරාන ඩ්‍රෝන නෞකාවක් ද තමන් ගිල්වා දමා ඇති බවය.
එමෙන්ම යුද්ධයේ පළමු දිනයේ සිට මේ දක්වා කාලය තුළ ඉරානයේ බැලස්ටික් මිසයිල ප්‍රහාර 90% කින් අඩු වී ඇති බවත් අමෙරිකානු හමුදා පවසයි.
මැද පෙරදිග කලාපයේ අමෙරිකානු හමුදා මෙහෙයවන අණදෙන ප්‍රධානී අද්මිරාල් බ්‍රැඩ් කූපර් මෙම තොරතුරු හෙළිකර ඇත.
Saru News
















