අමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිල වශයෙන් ඉවත් වෙයි

0
8

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන සම්පත් දායකයා වූ අමෙරිකාව ඊයේ (22) සිට නිල වශයෙන් එහි සාමාජිකත්වයෙන් ඉවත් වී තිබේ.

ඒ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය දෙවැනි පදවිප්‍රාප්තිය සිදුවූ පසුගිය වසරේ ජනවාරි 20 වැනිදා අත්සන් තැබූ විධායක නියෝගයට අනුවය.

සංවිධානයේ නීතිවලට අනුව එහි සාමාජිකත්වයෙන් ඉවත්විය හැක්කේ නීත්‍යනුකූල දැනුම්දීමක් කර වසරකින් අනතුරුව පමණක් වන අතර, එම කාලය තුළත් සාමාජික මුදල් ගෙවිය යුතු වේ.

කෙසේ නමුත් ඒ වසර සඳහා වන අමෙරිකානු ඩොලර් මිලියන 260 අමෙරිකාව තවමත් ගෙවා නොමැති බවද සඳහන් වේ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here