අමෙරිකා එක්සත් ජනපදය වහාම ක්‍රියාත්මක වන පරිදි චීනයට 104%ක තීරුබදු පනවා තිබෙනවා.
CNN වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ චීනයෙන් ආනයනය කරන සියලු ම භාණ්ඩ වෙනුවෙන් මෙලෙස තීරුබදු ඉහළ නංවා ඇති බවයි.
අද (09) සිට ක්‍රියාත්මක වන පරිදි මෙම තීරුබදු ඉහළ නංවා ඇති බවයි ධවල මන්දිර ප්‍රකාශකයෙකු පවසා ඇත්තේ.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් චීන – අමෙරිකා වෙළෙඳ සබඳතා තවදුරටත් දුරස්ථ තත්ත්වයකට ඇද දමමින් මීට සතියකට පමණ පෙර චීනයට එරෙහිව පැනවූ තීරුබදු ප්‍රමාණයට අමතර ව සියයට 104 පනවා ඇති බව වාර්තාවනවා.
ට්‍රම්ප්ගේ “අන්‍යෝන්‍ය” තීරුබදු පැකේජයේ කොටසක් ලෙස චීනය දැනටමත් 34%කින් තීරුබදු වැඩිවීමක් තිබෙනවා.
Saru FM Media