ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු බ්‍රිතාන්‍ය තානාපතිවරයෙකු වන පීටර් මැන්ඩෙල්සන් සාමිවරයා ලන්ඩනයේදී පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, රජයේ නිල කාර්යාලයක් තුළ සිදුකළ බව කියන විෂමාචාර හැසිරීමක් සම්බන්ධයෙන් ඔහුට මෙම චෝදනා එල්ල වී ඇති බවය.
උතුරු ලන්ඩනයේ කැම්ඩන්හි පිහිටි සිය නිවසේ රැඳී සිටියදී 72 හැවිරිදි මැන්ඩෙල්සන් සාමිවරයා ඊයේ (23) මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.
ඔහු රජයේ අමාත්‍ය ධුරයක් දරමින් සිටි කාලසීමාව තුළ ලිංගික අපරාධකරුවෙකු සමඟ සබඳතා පවත්වා ඇති බවට ලැබුණු තොරතුරු මත මෙම පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරන ලදී.
ඇමෙරිකාවේ බ්‍රිතාන්‍ය තානාපතිවරයා ලෙස සේවය කළ පීටර් මැන්ඩෙල්සන් සාමිවරයා, එම ධුරයෙන් ඉවත් කරනු ලැබුවේ පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදීය.
Saru News
















