අමෙරිකාවේදී ඊශ්‍රායල් තානාපති සේවකයින් දෙදෙනෙක් වෙඩි තබා ඝාතනය කරයි

0
3


අමෙරිකාවේ වොෂින්ටන් නගරයේ යුදෙව් කෞතුකාගාරය ඉදිරිපිටදී ඊශ්‍රායල තානාපති කාර්යාල සේවකයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. 

ඔවුන් විවාහ ගිවිස ගැනීමට නියමිත තරුණ යුවළක් බවටයි වාර්තා වන්නේ. 

මෙම ඊශ්‍රායල තානාපති කාර්යාල සේවකයින් දෙදෙනා යුදෙව් කෞතුකාගාරයේ පැවති උත්සවයකින් අනතුරුව එයින් පිටව යමින් සිටියදී මෙම ප්‍රහාරයට ලක්ව තිබුණා. 

ප්‍රහාරයෙන් පසු සැකකරුවන් විසින් “නිදහස් පලස්තීනය” යනුවෙන් කෑ ගැසූ බව එරට පොලීසිය පවසනවා. 

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

සැකකරු චිකාගෝහි පදිංචි 30 හැවිරිදි අයෙක්. 

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වින්දිතයින්ගේ පවුල්වලට සිය ශෝකය පළ කරමින් පවසා ඇත්තේ ඊශ්‍රායල තානාපති කාර්යාල කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනා ඝාතනය කිරීම පැහැදිලිවම යුදෙව් විරෝධී මත පදනම් වූවක් බවයි. 
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here