අමෙරිකාවෙන් ආනයනය භාණ්ඩ මත සියයට 34ක අතිරේක තීරු බද්දක් චීනයෙන්

0
15


අමෙරිකාවෙන් ආනයනය කරන භාණ්ඩ මත සියයට 34ක අතිරේක තීරු බද්දක් පනවන බව චීනය අද ප්‍රකාශයට පත් කළා.

ඒ, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ගෝලීය වෙළඳ යුද්ධයට ප්‍රතිචාර දැක්වීමක් ලෙසයි.

ඒ අනුව අප්‍රේල් මස 10 වනදා සිට අමෙරිකානු ආනයන මත සියයට 34ක අමතර තීරු බද්ද ක්‍රියාත්මක කරන බවයි චීනය පවසා ඇත්තේ.

අමෙරිකානු ජනාධිපතිවරයා ලොව රටවල් රැසක භාණ්ඩ සඳහා පැනවූ තිරු බදු හේතුවෙන් රටවල් රැසක කොටස් වෙළඳපොළ ඊයේ දිනයේ සිට පහත වැටුණා.

අමෙරිකාවේ කොටස් වෙළඳපොළේ ප්‍රධාන දර්ශක තුනම අද දිනයේදී දැඩි කඩාවැටීමකට ලක්ව තිබුණේ 2020 වසරේ කොවිඩ් වසංගතයෙන් පසු එරට කොටස් වෙළඳපොළේ ඇතිවූ දරුණුතම පසුබෑම වාර්තා කරමින්.  

කෙසේවෙතත් අමෙරිකානු බලධාරීන් පවසා සිටියේ කොටස් වෙළඳපොළ කඩා වැටීම තාවකාලික තත්ත්වයක් බවත් ඉදිරියේදී එය යථා තත්ත්වයට පත් වනු ඇති බවයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here