තම ආසියානු සංචාරය අතරතුර උතුරු කොරියානු නායක කිම් ජොං උන් හමුවීමට තමන් කැමැත්තෙන් පසුවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
තමා සහ උතුරු කොරියානු නායකයා අතර ඉතා හොඳ සබදතාවක් පැවති බව ආසියානු සංචාරය සඳහා පිටත්ව යාමට පෙර මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.
ධුරයේ කටයුතු කරමින් සිටියදී උතුරු කොරියාවේ නිල සංචාරයක නිරත වූ පළමු අමෙරිකානු ජනාධිපතිවරයා බවට පත් වෙමින් ඩොනල්ඩ් ට්‍රම්ප් 2019 වසරේදී උතුරු කොරියාවේ සංචාරයක නිරත වී තිබුණි.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ආසියානු සංචාරයේදී මැලේසියාව සහ ජපානයේ සංචාරය කිරීමට නියමිත අතර දකුණු කොරියාවේ පැවැත්වෙන ආසියා පැසිෆික් සහයෝගීතා සමුළුව සඳහා ද සහභාගී වීමට නියමිතය.
එම සමුළුව අතරතුර අමෙරිකානු ජනාධිපතිවරයා සහ චීන ජනාධිපති ශී ජින්පින් සමග හමුවක් ද සැළසුම් කර ඇත.
Saru FM Media










