අමීර්ගේ සුබ නිමිත්ත! Sri Lanka Latest News

0
2


අමීර් ඛාන් කියන්නේ තමා රඟපාන සහ නිෂ්පාදනය හෝ අධ්‍යක්ෂණය කරන චිත්‍රපට සුබ නිමිත්තක් අනුව තිරගත කරන සුපිරි තරුවක්.
අක්ෂේ, සල්මන්, ෂාරුක් කියන්නෙත් ඒ ජාතියේම තුන් කට්ටුවක්. මේ සුපිරි තරු හතර මුල් බැසගත් ඒ මිථ්‍යා ඇදහිල්ල ගැන ඔවුන්ට ප්‍රිය කරන රසික රසිකාවියෝ වගේම උතුරු ඉන්දියානු සිනමා කර්මාන්තයේ ඉන්න හැමෝමත් දන්නවා. Sri Lanka Latest News

ඔයාලට මතකද අමීර් ඛාන් නිෂ්පාදනයත් අධ්‍යක්ෂණයත් දෙකම කරට අරගෙන නිර්මාණය කරපු 2007 තිරගත වුණු ‘තාරේ සමීන් පර්’ ෆිල්ම් එක? ඒ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරන අදහස තිර පිටපතක් එක්ක හිතේ තියාගෙන අමීර් නිෂ්පාදකවරයෙක් හෙව්වා. ඒත් කවුරුත් පාඩු පිට පාඩු වෙයි කියන බයට සල්ලි වියදම් කරන්න කැමැති වුණේ නැහැලු. ඒත් ඔහු වැඩේ අතහැරියේ නැහැ. නිෂ්පාදනයත් ඔහුම කළා. ෆිල්ම් එක හීනෙන්වත් නොහිතපු විදියට බොක්ස් ඔෆිස් වාර්තා තිබ්බා. අමීර්ට දැනුණු සතුට කොයි තරම්ද කියනවා නම් එම කතා පුවතට බද්ධ වෙන විදියට තවත් ෆිල්ම් එකක් නිෂ්පාදනය කළා. අධ්‍යක්ෂණය කෙරුවේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ආර්.එස්. ප්‍රාසන්නයි. ෆිල්ම් එකේ නම ‘සිතාරේ සමීන් පර්’ අමීර් එක්ක එහි ප්‍රධාන චරිතය රඟපාන්නේ සම්මානනීය තෙලිඟු නිළියක වූ ජෙනේලියා දේශ්මුක්. ෆිල්ම් එක ජුනි මාසය මුල තිරගත කරන්න බලාගෙන අමීර් එහි ටේ්‍රලරය අප්‍රේල් මස අවසානයේ මුදාහරින්න ඔන්න මෙන්නයි තිබුණේ. සුබ හෝරාවල් එහෙමත් බලලා තමයි ඔහු වැඩේට බැස්සේ. අමීර් හිටියේ ෆුල් හැපි එකේ. මොකද කියනවා නම් මිනිත්තු 3ක් සමග තත්පර 29ක කාලයක් විකාශය වන ‘සින්ඩ්‍රෝම්’ රෝගී දරුවකු වටා ගෙතී තියෙන මේ සුන්දර මෙන්ම සංවේදී කතාවේ ටේ්‍රලරය සී.බී.එෆ්. සී. වෙත ඉදිරිපත් කළාට පස්සේ ඔවුන් එය ඉතා ආකර්ෂණීය වෙන්න මනස්කාන්ත කතා පුවතක් බව තීරණය කරමින් එයට යූ.ඒ. සහතිකයද තිළිණ කොට තිබුණු නිසයි.
තම රසිකයන්ද එය ආදරයෙන් වැලඳගන්නා බව දැනගෙනයි අමීර් ටේ්‍රලර් එක අප්‍රේල් අවසානයේ මුදාහරින්න හරිබරි ගැහිලා හිටියේ.

ඉතින් මොකද වුණේ ෆිල්ම් එක රිලීස් කරන්න බැරි ඔබ්ජෙක්ෂන් එකක් ආවද?
නැහැ. අමීර්ගේ සංවේදී හදවත ජම්මු සහ කාශ්මීර්වල පහල්ගම්හි සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය නිසා දැඩි කම්පනයකට ලක්ව තිබුණා. පසුගිය අප්‍රේල් 22 වැනිදා 26 දෙනකුට මරුකැඳවින් තවත් බොහෝ දෙනකුට මාරාන්තික තුවාල ඇතිකරමින් සිදුවූ එම ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය නිසා ඔහු තමාට අතිසුවිශේෂ වූ ‘සිතාරේ සමීන් පර්’ චිත්‍රපටය ජුනි මස මුල තිරගත කරන සියලු සැලසුම් අතරමග නතරකොට දැමුවා. ඊට සම්බන්ධ සියලු දෙනා අමීර්ගේ තීරණය ගැන කම්පා වුණත් එය වළක්වා දමන්නට අවැසි මොන ආකාරයේ කාරණයක් ගෙනහැර පෑවත් අමීර්ගේ හිත වෙනස් වුණේ නැහැ. සුබ හෝරාවට බලාපොරොත්තුසහගතව චිත්‍රපටය ජුනි මස මුල තිරගත කරවීමට ඔහු තැනූ සියලු අහස් මාලිගා එක තත්පරයට ඔහු විසින්ම බිඳ දැමුවා.

‘ඒක අපරාධයක්…’
සිනමා කර්මාන්තයේ බොහෝ දෙනා තදින් කම්පනයට පත්ව කියා තිබුණා. ඒත් අමීර් හිතපු විදියට ඊට වැඩිය වෙනස්. ඔහුට ඒ ගැන කිසිම කම්පනයක් හිතේ අමාරුවක් දැනුණේ නැහැ.

‘පහල්ගම්හි සිදුවූ අපරාධය ඊට වඩා බිහිසුණුයි. ටේ්‍රලරයට හෝ චිත්‍රපටයට තව සුබ නිමිති ඕනෑ තරම් හොයාගත හැකිය. එහෙත් ම්ලේච්ඡ ත්‍රස්තවාදී ප්‍රහාරයක බිහිසුණු අත්දැකීම් කොහොම නම් අමතක කරන්නද? දැඩි තෘෂ්ණාවකින් මා තැනූ සැලැස්ම මා විසින්ම කුඩුකොට දැමුවේ ඔවුන් වෙනුවෙන් මගේ ආත්මය කනගාටුව ශෝකයට පත්විය හැකි කදිම දඬුවම මෙවැන්නක් විය හැකි නිසාමය.’
ඔහු තමා වෙනුවෙන් වගඋත්තර දී තිබුණේ එවැනි සටහනකිනි.

මල්මි කෞෂල්‍යා



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here