ඊයේ දිනයේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලයේදී පැවැත්වූ සාකච්ඡාවේදී යෝජනා වූ අන්දමට අද (15) කොළඹ අමාරි හෝටලයේ පැවති විපක්ෂයේ පක්ෂ ලේකම්වරුන්ගේ සාකච්ඡාවට සමගි ජන බලවේගයේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්වරුන් සහභාගී වී නොමැත.
පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයට බලය පිහිටුවීමට නොහැකි ප්‍රාදේශීය සභා, නගරසභාවල විපක්ෂය එකතුවී බලය පිහිටුවන ආකාරය මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව තිබිණි.
සජබ සහ පොහොට්ටුව මීට සහභාගී නොවීමට මූලික හේතුව වී ඇත්තේ ඊයේ පැවති සාකච්ඡාව පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන නිකුත් කර තිබුණු නිවේදනය බව ආරංචිමාර්ග පැවසීය.
සන්ධානයක් පිහිටුවන බවක් දක්වමින් වජිර අබේවර්ධන එම නිවේදනය ඔහුට අවශ්‍ය ආකාරයට සකසා නිකුත් කර තිබුණු අතර එම නිවේදනය නිසා මතුවූ අප්‍රසාදය හේතුවෙන් සජබ සහ පොහොට්ටුව මෙම සාකච්ඡාවට නොපැමිණ ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.
Saru FM Media