අද (31) අලුයම අම්බලන්තොට කොග්ගල්ල ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
නිවසකට පැමිණි යතුරුපැදිකරුවන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර පළා ගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.
අද (31) අලුයම 02.00ත් 02.25ත් අතර කාලය තුළදී මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර අවුරුදු 30ක පුද්ගලයෙක් තුවාල ලබා රෝගල්ගතකර තිබෙනවා.
තුවාලකරු හම්බන්තොට මූලික රෝහලට ඇතුළත්කර තිබෙනවා.
අම්බලන්තොට පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
Saru FM Media