අම්බලන්ගොඩ නගරයේ ප්‍රසිද්ධ හෝටලයක මුදල් අයකැමිවරයකු නවින පන්නයේ ගිණි අවියක් සමග අක්මිමණ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් විසින් අත් අංගුවට ගෙන තිබේ.
ඒ විශේෂ කාර්ය බළකායේ නිලධාරින්ට ලද තොරතුරක් අනුව සිදු කළ වැටලීමකදීය.
ඒ අනුව අම්බලන්ගොඩ කෙරමිණියේ පිහිටි ඔහුගේ නිවස පරික්ෂා කිරිමේදී මෙම ගිණි අවිය සහ එයට යොදන උණ්ඩයක්ද හමු වී ඇත.
පොලිසිය පැවසුවේ ඊශ්‍රායලයේ නිෂපාදිත මෙම ගිණි අවිය දිගින් සෙන්ටි මිටර් 12ක් වන අතර උණ්ඩයේ දිග සෙන්ටි මිටර් එකහ මාරක් පමණ වන බවය.
අත්අඩංගුවට ගත් සැකකරු මෙම ගිණිඅවිය රුපියල් තිස්දහසකට (රු. 30,000) සූදානම්ව සිට ඇති බව පැවසේ.
1
Saru News








