UPDATE – අම්බලන්ගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබේ.
පොලීසිය පැවසුවේ වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර වෙඩි තැබීම සඳහා පිස්තෝල වර්ගයේ ගිනි අවියක් භාවිත කර ඇති බවට සැක කරන බවය.
————————
අම්බලන්ගොඩ ප්‍රදේශයේ මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබේ.
ගලගොඩ සුනාමිවත්ත ප්‍රදේශයේ පිහිටි නිවසක සාදයක් අතරතුර මෙම වෙඩි තැබීම සිදුව ඇත.
නිවස අසල කැලෑබද ප්‍රදේශයක සිට පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලීසිය පැවසීය.
වෙඩි වැදීමෙන් අවුරුදු 28ක පුද්ගලයෙකු තුවාල ලබා ඇති අතර ඔහු රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇති බවත් වාර්තා වේ.
Media on 2026.01.27 at 2125 වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියයාම by poornima
Saru News










