අම්බලන්ගොඩ වෙඩි තැබීමක්. තරුණයෙක් මරුට !

0
8

සටහන – රුවන් නෙළුගොල්ල

අම්බලන්ගොඩ, සුනාමිවත්ත ප්‍රදේශයේදී ඊයේ (27) රාත්‍රියේ වෙඩිතැබීමක් සිදුව තිබේ.

එම ප්‍රදේශයේ නිවසක පැවති සාදයක් අතරතුර එහි සිටි පුද්ගලයකුට නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙසේ වෙඩිතබා ඇති අතර එයින් තුවාල ලැබූ පුද්ගලයකු ප්‍රතිකාර සඳහා බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

මෙසේ මියගොස් ඇත්තේ ගලබොඩ ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි අයෙකි.

වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර වෙඩිතැබීම සඳහා පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් භාවිතා කර ඇති බවට පොලීසිය සැක කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here