අම්බලන්ගොඩ ඉඩම්තොට ඝාතනයට ආධාර අනුබල දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට

0
19


ඉකුත් 14 වනදා අම්බලන්ගොඩ, ඉඩම්තොට ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තබා සිදු කළ මනුෂ්‍ය ඝාතනයට ආධාර අනුබල දුන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ඇල්පිටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඉඩම්තොට ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදීයි.

අත්අඩංගුවට ගත් සැකකරු 31 හැවිරිදි මීටියාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.  
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here