අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව අද!

0
2

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ තීන්දුව අද (11) ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

ගම්පහ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ දීර්ඝ කාලයක් පුරා එම නඩුව විභාග විය.

නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම සඳහා පසුගිය 13 වනදා නඩුව කැඳවූ අවස්ථාවේදී තීන්දුව ප්‍රකාශයට පත් කිරීම අද දිනයට කල් තබන ලදී.

පසුගිය අරගලය සමයේ 2022 මැයි මස 9 වන දින නිට්ටඹුව ප්‍රදේශයේදී පොළොන්නරුව දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරීයාව පහරදී ඝාතනය කළ බවට 42 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා නඩුව පවරා තිබේ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here