කොළඹ LNW:අභියෝග රැසක් මැද ඒවාට සාර්ථකව මුහුණ දෙමින් කඳවුර ආරක්ෂා කර ගැනීම නිසා ප්‍රාදේශීය සභා 270කට අධික ප්‍රමාණයකට තරඟ කිරීමට පක්ෂයක් ඉතුරු වූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසුවේය.
මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ 2025 පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
පක්ෂයක් ලෙස පසුගිය කාලය තුළ අඩුපාඩු හඳුනා ගෙන පක්ෂයක් ලෙස නවීකරණය වෙමින් අලුත් පරම්පරාවට ඔබින පක්ෂයක් ලෙස වෙනස් කළ බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
මේ අතර මාලිමාවට බහුතර අසන ප්‍රමාණයක් නොමැති සභාවල ස්ථාවර සභා පිහිටුවීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාදාමය කෙසේ වන්නේද යන්න පිළිබඳව දේශපාලන මණ්ඩලය සමඟ සාකච්ජා කර තීරණයකට එළඹෙන බවයි නාමල් රාජපක්ෂ මහතා තවදුරටත් පැවසුවේ.
ආශිකා බ්‍රාහ්මණ
Saru FM Media