අභාවප්‍රාප්ත වූ හෙළ සිනමාවේ නිළි රැජින ලෙස විරුදාවලිය ලද මාලනී ෆොන්සේකා මහත්මිගේ දේහය කොළඹ පෞද්ගලික මල් ශාලාවකට රැගෙනවිත් තිබෙනවා.
රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය අද අලුයම අභාවප්‍රාප්ත වුණා.
අභාවප්‍රාප්ත වන විට මාලනී ෆොන්සේකා මහත්මිය 78වන වියේ පසුවුණා.
1947 වසරේ අප්‍රේල් 30 වනදා කැලණිය ප්‍රදේශයේදී උපත ලැබූ ඇය 1968 වසරේදී පුංචි බබා චිත්‍රපටියෙන් සිනමාවට පිවිසියා.
එතැන් සිට දශක ගණනාවක් අතිශය ජනප්‍රියත්වයට පත්වූ ඇය චිත්‍රපට 140කට පමණ සිය රංගනයෙන් දායක වී තිබෙනවා.
එමෙන්ම ටෙලිනාට්‍ය රැසකටද ඇය සිය දායකත්වය දැක්වුවා.
මෙරට තුළ අවස්ථා ගණනකදී සම්මානනයට පාත්‍ර වූ හෙළ සිනමාවේ නිළි රැජින අවස්ථා කිහිපයකදී ජාත්‍යන්තර සම්මානද ලබා ගෙන තිබෙනවා.
2010 වසරේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරියක් ලෙස පත්වූ මාලනී ෆොන්සේකා මහත්මිය 2015 දක්වා නියෝජනය කළා.
Saru FM Media