අද (02) උදෑසන ජීවන ගමනට සමුදුන් හිටපු අමාත්‍ය මහින්ද විජේසේකර මහතාගේ අවසන් කටයුතු ලබන සෙනසුරාදා සවස 4ට මාතර ආදාහනාගාරයේදී සිදුකිරීමට නියමිතය.
දේහය හෙට (03) දහවල් මාතර කොටුව පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කරනු ඇති බව මහින්ද විජේසේකර මහතාගේ පුත් හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත.
දකුණේ ප්‍රබල දේශපාලනඥයෙකු වූ හිටපු අමාත්‍යවරයෙකු වන මහින්ද විජේසේකර මහතා අද උදෑසන අභාවප්‍රාප්ත විය. මියයන විට ඒ මහතා 83 වන වියේ පසුවුණි.
මාතර, ගොඩපිටියේ දී එල්.ටී.ටී.ඊ සංවිධානය ක්‍රියාකාරීව සිටි කාලයේ දී එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයකින් තුවාල ලැබීමෙන් අනතුරුව දීර්ඝ කාලයක් රෝගාතුරව සිටි ඒ මහතා මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.
Saru News













