අබිරහස් ලෙස මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවෙයි

0
5

අබිරහස් ලෙස මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් තඹුත්තේගම ප්‍රදේශයේ නිවසක තිබී සොයා ගෙන ඇත.

මෙලෙස මිය ගොස් ඇත්තේ 49 හැවිරිදි රාජාංගනය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

මියගිය පුද්ගලයා විශ්‍රාමික ගුවන් හමුදා සෙබළෙක් වන අතර ඔහු සිය බිරිඳගෙන් සහ දරුවාගෙන් වෙන් වී තනිව ජීවත් වී ඇති බව වාර්තා වේ.

සිය ස්වාමියා නිවස තුළදීම මිය ගොස් ඇති බවට අදාළ පුද්ගලයාගේ බිරිඳ විසින් පොලීසියට පැමිණිල්ලක් සිදු කර ඇත.

ඇය පොලීසියට වැඩිදුරටත් පවසා ඇත්තේ සිය ස්වාමිපුරුෂයා මීට දින කිහිපයකට පෙර ඥාතියෙකු සමඟ පවුල් ආරවුලක් ද ඇති කරගෙන ඇති බවය.

කෙසේ වෙතත් ඔහු මීට දින කිහිපයකට පෙර මිය යන්නට ඇති බවට පොලීසිය සැක පළ කරන අතර සිද්ධිය සම්බන්ධයෙන් තඹුත්තේගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here