අපේ ලස්සන පෙන්වන සම පිරිසිදුව තබාගන්න බොඩි කෙයා රූටින් එකක්

0
10


අපේ ශරීරයේ විශාලතම ඉන්ද්‍රිය වන සම පරිසර දූෂණය , කාලගුණික තත්ත්ව, ශාරීරික කම්පන සහ හානිකර ක්ශුද්‍ර ජීවීන්ට එරෙහිව බාධකයක් ලෙස ක්‍රියා කරනවා. ඒ නිසාම අප සම නිසි ආකාරයෙන් රැක ගැනීම වැදගත් වෙනවා. නමුත් බොහෝ දෙනා අවධානය යොමු කරන්නේ මුහුණේ සමට පමණයි. ඒ නිසාම ඔබ අවධානය අනිවාර්යයෙන්ම යොමු කළ යුතු Body cleanup routine එකක් ගැනයි මේ ලිපිය.

අපේ සම පරිසර දූෂණය, පාරජම්බුල කිරණ සහ කාලගුණික තත්ත්වයන් වැනි විවිධ පාරිසරික සාධකවලට නිරාවරණය වනවා. මෙම බාහිර ආතති වලින් සම පිරිසිදුව, සජලනය සහ ආරක්ෂා කර ගැනීමට පූර්ණ Body cleanup routine එකක් උපකාරී වනවා . නිවැරදි Body cleanup routine එකක් අනුගමනය කිරීමෙන් වියළි බව, කැසීම, කුෂ්ඨ සහ කුරුලෑ වැනි සමේ ඇති වන පොදු ගැටළු වළක්වා ගැනීමට හැකියාව ලැබෙනවා.

ඔබේ සම නිසි ආකාරයෙන් පිරිසිදු කිරීම සහ පෝෂණය ලබා දීම මගින් සම නීරෝගීව පවත්වා ගෙන යාමට සහ වයස්ගත වීමේ ලකුණු ඇති වීම පාලනය කර ගැනීමට හැකි වෙනවා. Body cleanup routine එකක් දිනපතාම අනුගමනය කළ යුතු වන අතර එහිදී ඔබේ සමට ගැලපෙන නිෂ්පාදන භාවිත කිරීමත් වැදගත්. මෙමගින් ඔබට හොඳ ප්‍රතිඵල ලබා ගැනීමට පුළුවන් .

ඔබේ සම නීරෝගීව සහ පැහැපත්ව තබා ගැනීමට එයට සුදුසු නිෂ්පාදන භාවිත කරනවා වගේම හිරු කිරණින් ආරක්‍ෂා කර ගැනීම සඳහා පිළියම් යෙදීමත් අතිශයින්ම වැදගත්. ඔබ පිටතට යන සෑම අවස්ථාවකදීම වැඩි ආරක්ෂාවක් සහිත Sunscreen එකක් භාවිතා කිරීම පිළිබඳව සැලකිලිමත් වන්න.

ඔබේ සමස්ත ශරීරයේම සම නිසි පරිදි රැක බලා ගැනීම මගින් ඔබේ මානසික පැවැත්මද යහපත් තත්ත්වයකට පත්වනවා. මෙමගින් ආතතිය සහ කාංසාව මට්ටම ද බොහෝ දුරට පාලනය කර ගැනීමටද හැකි වනවා. එමගින් ඔබේ ආත්ම විශ්වාසය වැඩි වීමද සිදුවනවා.

මෙය බොඩි ක්ලීනප් රූටින් එකක ප්‍රධාන පියවරයි. මෙමගින් සම මතුපිට ඇති දහඩිය , තෙල් , කුණු සහ දූවිලි වැනි අපද්‍රව්‍ය සියල්ලම ඉවත් කර ගැනීම සිදු කරනවා.ඔබේ ශරීරය පිරිසිදු කරගැනීම සඳහා එයට ගැලපෙන pH අගයකින් යුතු මෘදු පිරිසිදු කාරකයක් භාවිත කළ යුතුයි.  මද උණුසුම් ජලයෙන් සම තෙත් කර ගැනීමෙන් පසු පිරිසිදු කාරකයක් මගින් රවුම් චලිත ආකාරයට ශරීරය සම්භාහනය කරන්න. ඉන් පසුව මද උණුසුම් ජලයෙන්ම සෝදා හරින්න. ශරීරය පිරිසිදු කිරීම සඳහා ඔබ උණුසුම් වතුර භාවිතා කිරීමෙන් වැළකිය යුතු වන්නේ එමගින් සම මතුපිට ඇති ස්වාභාවික තෙල් ඉවත් වීම සිදුවන නිසායි.

සම මතුපිට ඇති මැරුණු සෛල ඉවත් කිරීමට , සෞඛ්‍ය සම්පන්න සෛල නැවත වර්ධනය කිරීමට සහ සම ගැඹුරින් පිරිසිදු කිරීමට exfoliate කිරීම වැදගත් වෙනවා. සම මතුපිට ඇති මැරුණු සෛල ඉවත් කිරීම මගින් ඔබේ සමට සිනිඳු සහ නැවුම් බවක් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. මේ සඳහා ඔබට නිවසේදීම සකස් කරගත් ස්ක්‍රබ් වර්ගයක් හෝ වෙළඳපොළේ ඇති වෙනත් ගුණාත්මක නිෂ්පාදනයක් භාවිතා කිරීමට පුළුවන්. මෙය සතියට දෙවරක් හෝ තුන්වරක් සිදු කළ හැකියි.

ඔබේ ශරීරයේ සමට වැඩිපුර පෝෂණයක් ලබාදීම සඳහා මේ පියවර අනුගමනය කිරීමට ඔබට පුළුවන්. ශරීරයේ සමට හොඳ පෝෂණයක් ලබා දෙන ස්වාභාවික අමුද්‍රව්‍ය කිහිපයක් එකතු කර ඔබට මෙවැනි පැක් වර්ගයක් සකස් කර ගත හැකි වන අතර මේ වන විට වෙළඳපොලේද ස්වාභාවික නිෂ්පාදන ඕනෑ තරම් තිබෙන නිසා එවැනි නිෂ්පාදනයක් හෝ ඔබට භාවිතා කරන්නට පුළුවන්. මෙමඟින් සම පැහැපත් වීම , පෝෂණය කිරීම සහ සම නිරෝගීව පවත්වා ගෙන යාමට හැකියාව ලැබෙනවා. 

Body care routine එකක තවත් වැදගත් අංගයක් ලෙස මෙය සැලකෙනවා. එමගින් සමේ වියළි බව ,කැසීම ඇතිවීම සහ වියළි බව නිසා ඇතිවන ආසාත්මිකතා ඇතිවීම බොහෝ දුරට පාලනය කරන අතර සමේ තෙතමනය ආරක්ෂා කිරීමට සිදු කරනවා. මීට අමතරව සමට හොඳ පෝෂණයක් ලබා දීමද සිදුවන අතර ඔබේ සමට ගැලපෙන මොයිස්චරයිසින් ක්‍රීම් එකක් භාවිතා කිරීමටත් වගබලා ගන්න.

ඔබ නිවසින් පිටතට යනවා නම් මෙය අමතක නොකළම යුතු පියවරක්. ඔබේ සම ඉතා හොඳ තත්ත්වයක තිබීම මගින් එය ඉතා ඉක්මනින් හානියට පත් වීමත් සිදුවිය හැකියි. ඒ නිසා ඔබ හිරු එළියට නිරාවරණය විය හැකි සෑම අවස්ථාවකදීම sunscreen එකක් භාවිතා කළ යුතුයි. මෙමගින් අහිතකර හිරු කෙරෙන නිසා ඔබේ සමට ඇති විය හැකි හානි වලින් ඔබේ සම ආරක්ෂා කරන අතර හිරු එළිය නිසා සම පිළිසීම සහ ආසාත්මිකතා ඇතිවීම ද පාලනය කරනවා.

ඔබේ ශරීරයේ සම රැක ගැනීම ඔබේ මුහුණේ සම රැක ගන්නවා සේම අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක්. ඉතින් මේ ලිපියෙන් අපි ඔබට ගෙන ආවේ බොහොම සරල Body cleanup routine එකක් ගැනයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here