Thursday, May 8, 2025
Saru FM Media
Home ගොසිප් පුවත් අපි රජය දුබල තැන්වල බලය අල්ලනවා – රංජිත් : ඒක සදාචාර නැහැ...

අපි රජය දුබල තැන්වල බලය අල්ලනවා – රංජිත් : ඒක සදාචාර නැහැ – ටිල්වින්

0
4


we-are-seizing-power-in-areas-where-the-government-is-weak-ranjith-it-is-not-ethical-tilwin

කොළඹ නගර සභාවේ බහුතරයක් මන්ත්‍රි ධුර විපක්ෂය නියෝජනය කරනු ලබන දේශපාලන පක්ෂ විසින් හිමිකරගෙන ඇති බැවින් විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ ඒකාබද්ධව සමගි ජන බලවේගයේ නගරාධිපතිවරයකු සමග කොළඹ නගර සභාව පිහිටුවීමට කටයුතු කරන බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා කියයි. මේ අතර ජාතික ජන බලවේගය වෙනුවෙන් මේ ගැන අදහස් දක්වන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්  ටිල්වින් සිල්වා එය සදාචාරයට පටහැනි බව පෙන්වා දෙයි.
 ඊයේ (07 වැනිදා) මහ මැතිවරණ ප්‍රතිඵල සම්බන්ධයෙන් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡා දෙකකදී මොවුන් මේ බව කීහ.
මෙහිදී අදහස් දක්වමින් රංජිත් මද්දුමබණ්ඩාර මහතා මෙසේ පැවැසීය.

කොළඹ නගර සභාවේ රජයට හතළිස් අටයි මන්ත්‍රි ධුර හම්බවෙලා තියෙන්නේ. ප්‍රතිශතයක් විදිහට සියයට හතළිස් ගාණක් ආණ්ඩුව හිමිකරගෙන තියෙන්නේ. නමුත් අපි ඇතුළු විපක්ෂයේ සියලුම කණ්ඩායම්වලට සියයට හැටකට ආසන්න ඡන්ද ප්‍රතිශතයක් තියෙනවා. ඒ නිසා අපි සියලු දෙනා එක්වෙලා කොළඹ නගර සභාවේ නගරාධිපතිවරයකු පත්කරනවා. ප්‍රාදේශීය සභා කොට්ඨාස කිහිපයක විපක්ෂය විදිහට අපි වැඩි මන්ත්‍රි සංඛ්‍යාවක් හිමිකරගෙන තියෙනවා. අපි ඒ සම්බන්ධයෙන් ගණනය කිරීම් මේ වන විට සිදුකරනවා. ඒ නිසා විපක්ෂයට බලය තියෙන පළාත් පාලන ආයතන සියලේම බලය පිහිටුවීමට අපි කටයුතු කරනවා. එක්සත් ජාතික පක්ෂයත් සමග එක්ව කටයුතු කරන්න සිදුකරපු සාකච්ඡා අපි නවතලා තිබුණේ නෑ. ඒ නිසා එම සාකච්ඡාවලට පිවිසෙන්න ඒ ඔස්සේ ඉදිරියට යන්න ලැබෙන අවස්ථාවක් මේක. එළැඹෙන ජුනි මාසේ දෙවැනිදා තමයි පළාත් පාලන ආයතනවල රැස්වීම තියෙන්නේ. එදාට සියලු දෙනා එක්ව කටයුතු කරනවා.



ජාතික ජන බලවේගයේ ටිල්වින් සිල්වා මෙසේ පැවසීය.

පෙරේදා (06දා) අවසන් වුණු පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල තවමත් නිකුත් වෙමින් තිබෙනවා. මෙතෙක් නිකුත් කරන ලද ප්‍රතිඵල අනුව බොහෝ ආසන සංඛ්‍යාවක බහුතර බලය ලබාගන්න ජාතික ජන බලවේගය සමත් වෙලා තිබෙනවා. මේ පළාත් පාලන මැතිවරණයේදීත් ජාතික ජන බලවේගය ගැන විශ්වාසය තබමින් එහි ගමනට ධෛර්ය දෙමින් විවිධාකාරයෙන් සහයෝගය දුන් සියලුම දෙනාට ස්තුතිය පළ කරනවා. ජනතාව මාලිමාව අනුමත කර තිබෙනවා. කිසියම් පක්ෂයක් බහුතර සංඛ්‍යාවක ආසන ලැබුවේ නැහැයි කියන්නේ ඒ පක්ෂය හෝ අදාළ කණ්ඩායම අදාළ සභාවේ ජනතාව විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. සමහර පක්ෂ හෝ කණ්ඩායම්වලට එකක්, දෙකක් හෝ තුනක් අරගෙන ඒ සියලු දෙනාම එකතුවී සභාව පිහිටුවන්න උත්සාහ ගන්නවා නම් එය ප්‍රජාතන්ත්‍රවාදය නොවෙයි. නීතියෙන් බාධාවක් නැති වුණාට, ඒ අය ජනතාවගෙන් ප්‍රතික්ෂේප වුණු කණ්ඩායම්. ගණිතමය ලෙස තමන් දිනා ඇති බව පෙන්වීමට උත්සාහ ගනිමින් ඉන්නවා. සියලුම ආයතන 339කින් ආයතන 254කට වැඩි ප්‍රමාණයක මන්ත්‍රි සංඛ්‍යාවක් ජයග්‍රහණය කරන්න අපි සමත් වෙලා තිබෙනවා. දේශපාලනිකව බැලූ විට මේ මැතිවරණය ජයග්‍රහණය කර තිබෙන්නේ මාලිමාවේ අපි.
සභාවක වැඩි ඡන්ද ලබාගත් පක්ෂයට තමයි සභාව පිහිටුවීමේ සදාචාරාත්මක බලය ලැබෙන්නේ. සභාවක් පිහිටුවිය යුත්තේ දිනන ලද අය එකතු වෙලා. අපි සභා පිහිටුවීමේදී තනි තනිවම ඉදිරිපත් වූ අයත්, ස්වාධීනව ආව අයත් ඉන්නවා. ඒ අය අපට උදවු කරන්න කැමැති නම්, අපට පුළුවන් එයාලට උදවු කරන්න. අපි ජනතාව දුන් වරම අනුව සභාව පිහිටුවනවා. ජනතාව ප්‍රතික්ෂේප කළ කුඩා කණ්ඩායම් එක්ක එකතු වී සභා පිහිටුවීම සාර්ථක වේවිද කියන්න අපහසුයි. ජනතාව ප්‍රතික්ෂේප කළ පක්ෂ සමඟ කිසිසේත්ම එකතු වෙන්නේ නැහැ. සභාවක වැඩිම ඡන්ද සංඛ්‍යාව ලබාගත් අයට තමයි, සභාව පිහිටුවන්න කියා ආරාධනා කරන්නේ. අනෙක් අයට සිදුවෙන්නේ, සභාවෙදි ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගන්න. ඒ අනුව තමයි කටයුතු කරන්න වෙන්නේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here