අප රටේ අපනයන විශාල ප්‍රමාණයක් යොමුවන ඇමෙරිකා එක්සත් ජනපදය අප රටේ අපනයන භාණ්ඩවලට විරුද්ධව 44%ක ප්‍රතිචාරාත්මක බද්ධක් දමා ඇති බවත් අප රට ඇමෙරිකානු භාණ්ඩවලට 88% බද්ධක් දමන නිසා මෙම බද්ධ දමා ඇති බවත් මේ නිසා අප රටේ අපනයනවල මිල තරගකාරීත්වය නැති වී ඇති බවත් අප රටේ ඇගලුම් අපනයනවලින් 40%ක් ඇමෙරිකාවට යවන බවත් මෙය බරපතල තත්ත්වයක් නිසා මේ ගැන රජය දැනුවත් කළේ දැනට මාස කිහිපයකට පෙර සිට බවත් එදා ට්‍රම්ප් ජනාධිපතිවරයා අතිවිශාල ජනවරමක් ලබා ගෙන බලයට පත් වූ පසු ඇමරිකාවට එන භාණ්ඩවලට බදු පනවන බව පැවසූ අවස්ථාවේ මේ ගැන පාර්ලිමේන්තුවේ දැනුවත් කළත් රජය එය නොතැකූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News
මීට පෙර පාර්ලිමේන්තුවේ ගැටලු ඉදිරිපත් කරන්න අවස්ථාව තිබුනත් වත්මත් රජය යටතේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට කතා කරන්න තිබූ කාලය සීමා කර ඇති බවත් එවැනි තත්ත්වයක් උඩ මෙම ගැටලුව සම්බන්ධයෙන් පෙන්වා දුන් නමුත් රජය ඒ ගැන තැකීමක් නොකර උද්දච්චකමින් ඒවා විහිළුවට ලක් කරමින් සිටියත් අද වන විට මෙම බදු පැනවීම අප්‍රේල් 9 වැනි දා සිට ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
අලුත් අවුරුදු නිවාඩුවට ගෙදර යන ඇගලුම් කම්හල් සේවක සේවිකාවන්ට අලුත් අවුරුදු නිවාඩුව අවසන් වන විට රැකියාවේ අවිනිශ්චිතභාවයක් මතුවන බවත් මේ නිසා කර්මාන්තශාලා කඩා වැටී රැකී රක්ෂා අහිමි වී ආර්ථික වර්ධන වේගය පහළ ගොස් සමස්ත ජනතාවටම බරපතල හානියක් සිදුවන බවත් මෙය 2028 ණය ගෙවීමට ද විශාල බාධාවක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද නාත්තන්ඩිය ආසනයේ පැවැති ජන හමුවක් අමතමිනි.
2033 ගෙවන්න තිබූ ණය 2028 ගෙවීමට ඇති බවත් ඒ සදහා පවත්වාගෙන යා යුතු ආර්ථික වර්ධන වේගයට මෙම බදු පැනවීම මරු පහරක් බවත් මේ ගැන ජනතාව දැනුවත් විය යුතු බවත් මෙම බරපතල අවධානම ආර්ථික සුනාමිය අප රටට එල්ල වීමට බොහෝ ඉඩකඩ ඇති බවත් එය එසේ නොවන ලෙස තමා ප්‍රාර්ථනා කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
කමිටු පත් කරල වැඩක් නෑ
රජය මේ ගැන සොයන්න මේ වන තෙක් කර ඇත්තේ කමිටුවක් පත් කිරීම වුවත් ඊට වඩා යමක් සිදුවිය යුතු බවත් මේ සම්බන්ධයෙන් දක්ෂ දූත පිරිසක් යවා අප රටෙන් ලබා දෙන ප්‍රතිචාරය ඉදිරිපත් කිරීමත් ලෝකයේ අනෙකුත් රටවල් සමග එකතු වී පොදු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමත් සිදුවිය යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
අප රටේ ඇගලුම්වලට ඉන්දීය වෙළෙදපොළේ වැඩි අවස්ථාවක් ලබා දෙන්න
නරේන්ද්‍ර මෝඩි අගමැතිවරයා හමු වූ අවස්ථාවේ ඉන්දීය වෙළෙදපොළට අප රටේ ඇගලුම් ඇතුළු තවත් අපනයන භාණ්ඩවලට ප්‍රවේශ වීමට ඇති පහසුකම් පුළුල් කරන ලෙස ඉල්ලා සිටි බවත් ඇගලුම් ක්ෂේත්‍රයේ ඇඳුම් කොටස් ලක්ෂ 80කට ආසන්න ප්‍රමාණයක් ඉන්දියාවට අපනයනය කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
















Saru FM Media