අපි කාටවත් පෙනේ පුප්පලා වැඩක් නෑ.මෝදිගේ සංචාරයෙන් උපරිම ප්‍රයෝජනය ගන්න!

0
8


කොළඹ LNW:ඉන්දීය අගමැතිතුමන්ගේ මෙරට සංචාරයෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට ශ්‍රී ලංකා රජය කටයුතු කළ යුතු අතර කළ යුතුවන්නේ අප විසින් පාඩම් ඉගැන්වීම නොව වැටී තිබෙන වලෙන් ගොඩ ඒමට ආයෝජන දිරි ගැන්වීම බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පැවසුවේය.

ලෝකේ හතරවෙනි ආර්ථික වන ඉන්දියාව සමඟ හැකි තරම් මිත්‍රශීලීව කටයුතු කරමින් එම වෙළෙඳපොළට ඇතුල්වීම වැදගත් බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

”ඉන්දීය අගමැතිගේ සංචාරයෙන් උපරිම ප්‍රයෝජන ගන්න අවශ්‍යයි. පෙනේ පුම්බගෙන ඉන්දියාව එනවා අපට කටයුතු කරන්න බැහැ කියන එක නෙවෙයි අපට තියෙන්නේ තුන් ආකාරයක වැඩපිළිවෙලක්. එකක් තමයි අපේ විදේශ ප්‍රතිපත්තිය විය යුත්තේ රටට ඔබින ජාත්‍යන්තර සම්බන්ධකම් ඇතිකරගැනීම. ඒක තුළ අපේ අසල්වැසි රටවල් මිත්‍රශීලීව තියාගෙන ඒ අය සමඟ ඉදිරියට ආර්ථිකය තරණය කිරීම තමයි අවශ්‍ය වන්නේ. මිත්‍රශීලි රටවල් සමඟ තවදුරටත් මිත්‍රශීලීව කටයුතු කළ යුතුයි. ඉන්දියාව කියන්නේ ලෝකේ හතරවෙනි විශාලම ආර්ථිකය. දැනට US ඩොලර්ස් ට්‍රිලියන 4ක ආර්ථිකයක්. 2030 වෙද්දී US ඩොලර්ස් ට්‍රිලියන 10ක ආර්ථිකයක්. අපිට පුළුවන වුණොත් ඒකෙන් 2%ක වෙළෙඳාමක් කරන්න දැනට තියෙන ඒක පුද්ගල ආදායම දැන් තියෙන 4200න් 15000කට විතර වැඩි වෙනවා. ඒ නිසා පුළුවන් තරම් එකට ගමන් කරන එක තමයි මේ අවස්ථාවේ කියන්න තියෙන්නේ. අපි හැමදෙනාටම පාඩමක් ඉගෙනගන්න වැඩපිළිවෙලක් තමයි තියෙන්නේ. අපට අවශ්‍ය වෙන්නේ තරඟකාරී තත්ත්වයක්. වෙන විශේෂ වරප්‍රසාද දෙන්නේ නැතුව තරඟකාරී පැත්තට ගෙනියමු. මම හිතන විදිහට මේ අවස්ථාව උපයෝගී කරගෙන පුළුවන් තරම් එකට වැඩකරන ගිවිසුම් ඇතිකරගැනීම වැදගත්.”

මෙරට ආර්ථිකය බංකොලොත් වූ අවස්ථාවේදීද ඩොලර් බිලියන 7ක පමණ ණය සහ ආධාර දෙමින් සහය වූ රටක ලස ඉන්දියාවට කෙළෙහිගුණ දක්වන ආකාරයෙන් කටයුතු කළ යුතු බවද රවී කරුණානායක මහතා ප්‍රකාශ කරන ලදී.

ඔහු මෙම අදහස දක්වා සිටියේ අද (04) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ආශිකා බ්‍රාහ්මණ



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here