අපි ඉන්දියාව සමග කරපු ගණුදෙනු ආරක්ෂා කරනවානම් අපේ පූර්ණ සහය රජයට – වජිර

0
12


රෂිකා හෙන්නායක අප්‍රේල් 03,කොළඹ LNW :

රටක් වශයෙන් දියුණු වෙන්න අවශ්‍ය නම් ආසියාව සමග තරග කිරීමට අවශ්‍ය බවත්, බංකොලොත් වුණු රටක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා විශාල කැපවීමක් කර අද තිබුණු තත්ත්වයට ගෙන ආ බවත් එක්සත් ජාතික පක්ෂයේ සභාපති  වජිර අබේවර්ධන මහතා පවසයි.

අගමැති මෝදි සහ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා අත්සන් කළ රාජ්‍ය තාන්ත්‍රික ගිවිසුම් තවදුරටත් ආරක්ෂා කරමින් ඉදිරියට යන්නේ නම්,රජය ඒවා ක්‍රියාත්මක කරන්නේ නම්. එක්සත් ජාතික පක්ෂය පූර්ණ සහයෝගය රජයට ලබාදෙන බවද ඒ මහතා කියා සිටී.

 

ඉකුත් දිනවල  උතුරු  නැගෙනහිර පළාත්වල පැවතී විශේෂ රැස්වීමි  කිහිපයකට සහභාගී වෙමින් වැඩි දුරටත් ඒ මහතා මෙලෙස අදහස් පළ කළේය,

“නරේන්ද්‍ර මෝදි අගමැතිතුමා, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා අත්සන් කළ රාජ්‍ය තාන්ත්‍රික ගිවිසුම් තවදුරටත් ආරක්ෂා කරමින් ඉදිරියට ගෙනියන්න.

රජය ඒවා ක්‍රියාත්මක කරන්නේ නම් එක්සත් ජාතික පක්ෂය පූර්ණ සහයෝගය රජයට ලබාදෙනවා, මෙවර පළාත් පාලන මැතිවරණයේදී උතුරු නැගෙනහිර පළාත් පාලන ආයතන සදහා තරඟ කරන එක්සත් ජාතික පක්ෂ අපෙක්ෂකයින් සමග විශේෂ රැස්වීම් කිහිපයක් මේ වනවිට අපි පවත්වමින් තිබෙනවා. එහි තුන්වෙනි රැස්වීම එහෙමත් නැතිනම් යාපනය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සඳහා තරඟ කරන අපෙක්ෂක හමුව තමයි අද මේ පැවැත්වෙන්නේ.

ඉතින් මෙවර පළාත් පාලන ආයතනවලට තරඟ කරන ඔබ අපේ පක්ෂයේ නායකතුමාගේ සහ පක්ෂයේ දේශපාලන ස්ථාවරය අවබෝධත කරගත යුතුයි. ඒ වගේම ඒ ස්ථාවරය පිළිබඳ ඔබ ගමින් ගමට ගොස් ජනතාව දැනුවත් කර යුතුව තිබෙනවා. ඒ නිසා මම ඔබට ඒ ගැන දැනුවත් කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නවා.

ඊයේ රනිල් වික්‍රමසිංහ Viii වැනි විධායක ජනාධිපතිතුමා මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කළා. ඒ ප්‍රකාශයේ සඳහන් කර තිබෙන්නේ, මෝදි අගමැතිතුමා නායකත්වය දරණ ඉන්දීය රජය සමග රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා නායකත්වය දුන් පසුගිය රජය අත්සන් කළ ගිවිසුම් තවදුරටත් ආරක්ෂා කරන්න කියලා. ඒවා හේතුවක් නැතිව කඩා දමන්න එපා කියලත් එතුමා ප්‍රකාශ කර තිබෙනවා.

විශේෂයෙන්ම අපේ ආණ්ඩුව පුනර්ජනනීය බල ශක්තිය සම්බන්ධයෙන් යෝජනා ගණනාවක් අනුමත කළා. අප ඒ වැඩ කටයුත්ත කළේ මේ රටට බලශක්තිය වුවමනා වූ නිසයි. එම විදේශ ආයෝජන සමග රටේ අලුත් ආයෝජන ඇති කිරීමට ඒ බලශක්ති යෝජනා ක්‍රම සඳහා විදේශ ආයෝජන ලැබුණා. ඩොලර් බිලියන දෙකක් හෝ දෙක හමාරක පමණ ව්‍යාපෘති ඒ අනුව අපේ රජය අනුමත කළා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here