අපි ඇරෙන්න අනෙක් ඔක්කොම හොරු කිව්වා! හොරුන්ට ඡන්දෙ දෙන්න එපා කිව්වා! ඔන්න ලක්ෂ 59ක සල්ලි වංචාවකට මාලිමා මන්ත්‍රී රිමාන්ඩ්! පැමිණිල්ල දාලා තියෙන්නෙත් මාලිමාවේම අයෙක්! VIDEO I Sri Lanka Latest News

0
4


රුපියල් ලක්ෂ 59ක මූල්‍ය වංචාවකට අදාළව හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවට මෙවර තේරී පත් වූ මාලිමා මන්ත්‍රීවරයකු (20දා) අත්අඩංගුවට ගත් බව බණ්ඩාරවෙල පොලිසිය පවසයි.Sri Lanka Latest News

මෙහි පැමිණිලි කරු මෙවර පළාත් පාලන මැතිවරණයේදී හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවට තරග කර පරාජයට පත් වූ මාලිමා මන්ත්‍රීවරයකු බව පොලිසිය කියයි.

පැමිණිලිකරු හා රක්ෂිත බන්ධනාගාරගතකළ පුද්ගලයා අතර ගම්මිරිස් ව්‍යාපාරයක් සම්බන්ධයෙන් පැවැති ගනුදෙනුවක් සම්බන්ධයෙන් ආරවුලක් කලක සිට තිබී ඇත.

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අයගෙන් ලැබිය යුතු මුදල් නොලැබීම නිසා පැමිණිලිකරු ඒ ගැන බණ්ඩාරවෙල කොට්ඨාස මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙතපැමිණිලි කර තිබිණි.

ඒ අනුව එම කොට්ඨාසය විසින් සැකකාර මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගෙන බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here