අපිට මඩ ගහනවා! මාලිමා ආණ්ඩුවේ 5වැනි මන්ත්‍රීවරයාත් පොලිසි යයි! I Sri Lanka Latest News

0
21


කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතාට සමාජ මාධ්‍යවලින් අපහාස සිදු කර ඇතැයි පවසමින් ඔහුගේ මාධ්‍ය ලේකම්වරයා විසින් පරිගණක අපරාධ අංශයට පැමිණිල්ලක් කර තිබෙනවා.Sri Lanka Latest News

“සමාජ මාධ්‍ය තුළ කීර්තිනාමයට අපහාස වන අයුරින් ව්‍යාජ පුවත් හා විකෘති කළ පුවත් පළ කිරීම සම්බන්ධවයි‘ යනුවෙන් සඳහන් කරමින් ඔහු විසින් එම පැමිණිල්ල යොමු කර තිබුණේ ඉකුත් 13 වන දිනයි.

නියෝජ්‍ය අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් චමිත් දිසානායක විසින් එම පැමිණිල්ලට අත්සන් කර තිබෙනවා.

එම පැමිණිල්ලෙහි සඳහන් වන්නේ නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතාට එරෙහිව සමාජ මාධ්‍ය හරහා ව්‍යාජ පුවත් හා විකෘති කළ පුවත් සටහන් ප්‍රචාරය වෙමින් පවතින බවයි.

මෙම ව්‍යාජ පුවත් සහ විකෘති කළ පුවත් පළ කිරීම වරක් දෙවරක් නොව දිගින් දිගටම සිදුකරන බැවින් එම ෆේස්බුක් පිටු, වෙබ් අඩවි සහ පුද්ගලයන් පිළිබඳ නිසි විමර්ශනයක් සිදුකර ඊට අදාල නීතිමය පියවර ගන්නා ලෙස පැමිණිල්ලෙන් ඉල්ලා තිබෙනවා.

එම ව්‍යාජ පුවත් පිළිබඳ සබැඳි සහ සටහන් ලිපිය සමඟ අමුණා ඇති බවට එම පැමිණිල්ලෙහි වැඩිදුරටත් සඳහන් වනවා.

අසත්‍ය චෝදනා එල්ල කර ඇති බව කියමින් මාලිමා ආණ්ඩුවේ පස්දෙනෙක් මේ වනවිට පැමිණිලි ඉදිරිපත් කොට ඇත. ඒ මෙසේය.

1. අධිකරණ අමාත්‍ය හර්ශණ නානායක්කාර (2024.12.16)

2. බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි (2024.12.16)

3. පා.ම. කෞෂල්‍යා ආරියරත්න (2024.12.27)

4. පා.ම. නිලන්ති කොට්ටහච්චි (2024.12.31)

5. කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ (2025.04.14)



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here