ස්වර්ගස්ථ වූ අතිඋතුම් ශුද්ධෝත්ම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කටයුතු සිදු කරන 26 වැනිදා ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
රාජ්‍ය පාරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළේය.
ඒ අනුව අප්‍රේල් මස 26 වැනිදා සියලුම රජයේ කාර්යාවල ජාතික කොඩිය අඩකුඹු කරන තැබීමට කටයුතු කරන ලෙසට රාජ්‍ය පාරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය ඉල්ලා සිටියි.
Saru FM Media