අප්‍රේල් මස අවසානයට පෙර ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව ව්‍යාපෘති රැසක් ආරම්භයට පියවර

0
8


ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි රජයේ ප්‍රමුඛ වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක “ක්ලීන් ශ්‍රි ලංකා” වැඩසටහන යටතේ මෙම වසරේදී නව ව්‍යාපෘති 34ක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. 

ඉන් ව්‍යාපෘති රැසක කටයුතු මෙම මස අවසන් වන විට ආරම්භ කිරීමට නියමිතව ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.

ඒ යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘති යෝජනා ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීම සඳහා එම දෙපාර්තමේන්තුවේ ආකෘති ප්‍රකාරව, එම යෝජනා සකස් කිරීමට අවශ්‍ය තාක්ෂණික උපදෙස් ලබා දීමේ එක් දින වැඩමුළුවක් පවත්වා තිබෙනවා. 

ඒ, අරලියගහ මන්දිරයේ ලෝටස් ගොඩනැගිල්ලේ පිහිටි ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේදීයි. 

මෙම වැඩමුළුව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබෙනවා.
රට තුළ සමාජයීය, පාරිසරික සහ ආචාරධාර්මික පිබිදීමක් ඇති කරමින් සමාජය වඩා ඉහළ තලයකට ඔසවා තැබීමේ අරමුණින් සියලු පාර්ශ්වයන්ගේ දායකත්වයෙන් දීප ව්‍යාප්තව ක්‍රියාවට නංවා ඇති “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන වෙනුවෙන් මෙවර අයවැයෙන් රුපියල් බිලියන 5ක ප්‍රතිපාදන වෙන් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පැවසුවේ



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here