කොළඹ LNW:අපරීක්ෂාකාරී හා අන්තරාදායක ලෙස රිය ධාවන සිදුවීම් සම්බන්ධ වීඩියෝ දර්ශන යොමුකිරීම සඳහා පොලීසිය විසින් නව ‘WhatsApp’ අංකයක් හඳුන්වාදී තිබේ.
ඒ අනුව 070-4755600 යන අංකයට එම දර්ශන යොමුකළ හැකිය.
මෙම අංකය රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සමීප අධීක්ෂණයෙන් යුක්තව , පැය 24 පුරාම ක්‍රියාත්මක බවයි පොලීසිය නිවේදනය කරන්නේ.
අදාළ වීඩියෝ දර්ශන යොමුකිරීමේ දී, එය සිදු වූ දිනය, ස්ථානය හා පොලිස් වසම සඳහන් කර යොමු කරන ලෙසද පොලීසිය මහජනතාගෙන් ඉල්ලා සිටියි.

The post අපරික්ෂාකාරී රිය ධාවන වීඩියෝ එවන්න පොලීසියෙන් නව ‘WhatsApp’ අංකයක්! appeared first on LNW Sinhala.
Saru News















