අපරාධ කල්ලි සාමාජිකයෙක් ආයුධ තොගයක් සමඟ අත්අඩංගුවට – Saru News | සිංහල

0
4

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු බෝම්බ, පතරොම් සහ යුද හමුදා කැලෑ ඇඳුම් තොගයක් සමඟ අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එම සැකකරු සමග විදේශීය රටක නිෂ්පාදිත SFG 87 වර්ගයේ අත් බෝම්බයක් හා 7.62 MM ප්‍රමාණයේ පතුරුම් අටක්, T56 ගිනි අවි සඳහා යොදන පතුරුම් ගැබ් රඳවනයක්, T56 අවි පටිඑකක්, යුද හමුදා කැලෑ නිල ඇඳුම් කීපයක්, යුද හමුදා ලෙන්යාඩ්, කැමා තොප්පි බඳපටිය ඇතුළු යුද හමුදා නිල ඇඳුම් ආයිත්තම් කීපයක් පොලිස් භාරයට ගෙන ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේහි රඳවාගෙන ප්‍රශ්න කරන සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කේ. මන්දිනු පත්ම සිරි පෙරේරා නොහොත් කෙහෙල් බද්දර පත්මේ නැමැති සැකකරුගෙන් අනාවරණ වූ තොරතුරු මත සැකකරු දෙහිඅත්තකණ්ඩිය මුරුත ගස් පිටිය ප්‍රදේශයේ නිවසකදී මෙම බෝම්බ පතරම් සහ යුද හමුදා කැලෑ ඇඳුම් සමඟ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.


5

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here