අපරාධ කල්ලි සාමාජිකයින් 07 දෙනෙක් බූස්සෙන් වැලිසරට – Saru News | සිංහල

0
2

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටි ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් 07 දෙනෙකු වැලිසර නව බන්ධනාගාරය වෙත ඊයේ (11)  මාරු කර යැවූ බව ආරක්ෂක නියෝජ්‍ය ඇමති අරුණ ජයසේකර සඳහන් කරයි.

මෙලෙස මාරු කර යවා ඇති පිරිස අතරට සංවිධානාත්මක අපරාධකරුවන් වන වෙලේසුදා, දෙමටගොඩ චමින්ද, ලොකුපැටී, මිදිගම රුවන්, බැකෝ සමන්, ආමි සම්පත්, මන්නා රමේෂ් යන අය ඇතුළත් වේ.

මෙම පියවර ගෙන ඇත්තේ බූස්ස බන්ධනාගාරයේ සිටින රැඳවියන් විසින් බන්ධනාගාරයේ සිට විවිධ ජාවාරම් සිදු කරන බවට ලැබුණු තොරතුරු මත සහ ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කරුණු සලකා බලා යැයිද ඔහු සඳහන් කරයි.

මෙම සංවිධානාත්මක අපරාධකරුවන් පිරිස රඳවා තැබීමට පියවර ගෙන ඇත්තේ, වැලිසර නාවිකා හමුදා කඳවුරේ වැලිසර නව බන්ධනාගාරය විශේෂ ආරක්ෂිත විධිවිධාන සහිතව ඉදිකර ඇති බන්ධනාගාරයේ පළමු රැඳවියන් පිරිස ලෙස.


0

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here