අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පතට කථානායක අත්සන් තබයි…

0
3


අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න 2025.04.30 වනදා සිය සහතිකය සටහන් කර තිබේ.
අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය 2025.04.08 දින පැවැත්වූ අතර එහිදී දෙවනවර කියවීමේ විවාදයෙන් පසුව, කාරක සභා අවස්ථාවේදී පනත් කෙටුම්පත සලකා බලන ලදී. අනතුරුව පනත් කෙටුම්පත තෙවනවර කියවීමෙන් පසු ඡන්ද විමසීමකින් තොරව සංශෝධන රහිතව පාර්ලිමේන්තුවේදී සම්මත විය.
මෙම පනත් කෙටුම්පත පළමු වර කියවීම සඳහා 2025.03.01 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.
ඒ අනුව මෙම පනත් කෙටුම්පත 2025 අංක 05 දරන අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත වශයෙන් බලාත්මක වේ.
අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ නැමති පනත අපරාධයකින් උත්පාදිත දේ ආපසු ලබා ගැනීම සඳහා විධිවිධාන සැලැස්වීමටද, අපරාධයකින් උත්පාදිත දේ විමර්ශනය කිරීම, තහනම් කිරීම, රජය සතු කිරීම සහ බැහැර කිරීම සඳහා විධි විධාන සැලැස්වීමටද, තහනමට ගන්නා ලද අපරාධයකින් උත්පාදිත දේ ආරක්ෂා කිරීම, සංරක්ෂණය කිරීම සහ කලමණාකරණය කිරීම සඳහාද, අපරධයකින් උත්පාදිත දේ කලමණාකරණය කිරීමේ අධිකාරිය පිහිටුවීම සඳහාද අපරාධයකින් උත්පාදිත දේ අයකර ගැනීමට අදාළව අන්තර් නියෝජ්‍ය ආයතන සහයෝගීතාව සහ ජාත්‍යන්තර සහයෝගීතාව සම්බන්ධයෙන් විධිවිධාන සැලැස්වීම පිණිසද සහ ඒ හා සම්බන්ධ වූ අනුශාංගික කරුණු සඳහා විධිවාධාන සැලැස්වීමද පිණිස වූ පණතකි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here