අපරාධකරුවන් ආණ්ඩුව ඇතුළට ඇවිල්ලා! පුබුදු කා ගැනද මේ කියන්නේ? Sri Lanka Latest News

0
8


මහා අපරාධවල වගඋත්තරකරුවන් අද ආණ්ඩුව ඇතුළට පැමිණ ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පැවසීය. ඒ මහතා ඊට උදාහරණ දුන්නේ මෙසේය.Sri Lanka Latest News

‘රනිල් වික්‍රමසිංහ ගැන කියද්දී තමයි සංහිඳියාව, ප්‍රතිසන්ධානය, සත්‍යය, ජාත්‍යන්තර සහාය ලබාගැනීම වගේ ඒව ගැන කියන්නේ. එතකොට රනිල් වැරැද්දක් කළාට පස්සේ රනිල්ට දඬුවම් දීම කියන එක නෑ ශබ්දකෝෂයේ. එතකොට හරිම මෘදු වෙලා, බොහොම පරිණත කතා කියන්න ගන්නවා. නෑ, එහෙම නෙවෙයි. නිශ්චිතවම මිනීමැරුම් පිළිබඳ චෝදනා තියෙනවා. බාලවයස්කාරයෝ 44ක් මරලා තියෙනවා. විජේදාස ලියනාරච්චි සහෝදරයව බටලන්දෙදී වධ දීලා මරලා තියෙනවා. තංගල්ල පොලිසියේ නිලධාරීන් කොමිසම ඉස්සරහා සාක්ෂි දීලා තියෙනවා එයාව මගේ ළඟට එවන්න කියලා රනිල් වික්‍රමසිංහ තමයි කතාකරලා කිව්වේ කියලා. ඒ වධකාගාර පවත්වාගෙන ගිය ගොඩනැගිල්ලේ හිමිකාරීත්වය තියෙන්නේ රනිල් වික්‍රමසිංහට. ඒ නිසා ආයේ මේකේ බලන්න දෙයක් නෑ. වහාම දඬුවම් දෙන්න. ඒක කරන්නේ නැත්නම් අඩුම ගානේ තමන්ගේ පක්ෂයට එරෙහිව දියත් වෙච්ච ප්‍රචණ්ඩත්වයටවත් දඬුවමක් දෙන්නේ නැත්නම් ලසන්ත වික්‍රමතුංග ඝාතනය හරි වසීම් තාජුඩීන් ඝාතනය හරි, ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන් වීම හරි, ලලිත් කූගන් අතුරුදන් වීම හරි, සිවරාම් ඝාතනය හරි රවිරාජ් ඝාතනය හරි ඔය කිසිම දේකට යුක්තියක් ඉටුවෙන්නේ නෑ.

උතුරේ සිද්ධ වෙච්ච අපරාධවලට යුක්තිය ඉටුවෙන්නෙත් නෑ, අනෙක් ඒවට යුක්තිය ඉටුවෙන්නෙත් නෑ. පහුගිය කාලේ සිය ගණන් තරුණයන්ව සුදු වෑන්වලින් පැහැරගෙන ගිහිල්ලා මරලා දැම්මා. ඒවට යුක්තියක් ඉටුවෙන්නෙත් නෑ. ප්‍රශ්නේ තියෙන්නේ ඒකෙදී කියනවා කොමිසමක් දාලා අපි සමගි වෙන්න බලමු කියලා. දැන් ඒක හොරකම්වලටත් කියනවා. හොරුයි, බදු ගෙවපු අපියි එක තැනකට එකතු කරලා හොරු පාපොච්චාරණය කරනවා ඔව් අපි හොරකම් කළා තමයි කියලා. අපි එතකොට කියනවා බදු ගෙවන්නෝ විදියට, උඹලා අපේ සල්ලි හොරකම් කළාට කමක් නෑ, අපි උඹලට සමාව දෙනවා කියලා. දැන් එහෙම එකකින්ද මේක බේරන්න යන්නේ? නැත්නම් හොරකම් සම්බන්ධ නිශ්චිත මැදිහත්වීමක් කරනවද? ඒගොල්ලෝ පොරොන්දු වෙනවනේ කරනවා කියලා. එතකොට හොරකම්වලට දඬුවම් දෙනවා කියන එක මිනීමැරීම සම්බන්ධ සමගි වෙන පාපොච්චාරණය කරන කතාවකට මොකටද යන්නේ? එහෙම කරන්න බෑ. මේවා නිශ්චිත සාක්ෂි සහිත ඒවා. ඒ කියන්නේ මගේ පර්ස් එකේ සල්ලි හොරකම් කළොත් එහෙම දැඩි දඬුවම් දෙනවා. මාව මැරුවොත් එහෙම සංහිඳියාවකට යන පාරක් කපනවා. ඉතින් මේවා ඇවිල්ලා ඉතා වංචනිකයි. අපිට තේරෙනවා මෙහෙම වෙන්නේ ඇයි කියලා. මෙහෙම වෙන්න හේතුව තමයි මේ අපරාධවල වගඋත්තරකරුවෝ වර්තමාන ආණ්ඩුවත් එක්ක යම් සම්බන්ධතා සහිත අය. උදාහරණයක් විදියට ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාගේ විකිපීඩියා එකේ දාලා තියෙන හැඳින්වීමෙන්ම ඔහු විසින් වීර ක්‍රියා කරපු යුද්ධ දෙකක් කියලා දාලා තියෙන්නේ මොකක්ද? උතුරේ යුද්ධෙයි, 1987 – 89 වකවානුවේ යුද්ධෙයි. ඒ කාලේ මිනී මරපුවා තමයි ඒ ලියලා තියෙන්නේ.

දැන් පොලිසියේ ප්‍රධාන මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශකයෙක් විදියට දාලා ඉන්න හිටපු ඩී.අයි.ජී. ගත්තාම ඔහු කළුතර දිස්ත්‍රික්කයේ පොලිස් නිලධාරියෙක් ලෙස 80 දශකයේ සේවය කරද්දී විශාල මිනීමැරුම් කළා කියලා වගකිව යුත්තෙක්. අන්තිමට ලසන්ත වික්‍රමතුංග ඝාතනයයි, වසීම් තාජුඩීන් ඝාතනයයි හොයන්න පොලිසියට උපදෙස් දෙන්න ඉන්නේ වසීම් තාජුඩීන් ඝාතනයේ සාක්ෂි මැකුවා කියලා ඔප්පු වෙච්ච චරිතයක්. එයාව තමයි දාලා තියෙන්නේ ඒ ඝාතන පිළිබඳ විමර්ශනවලට උපදෙස් දෙන්න. හොර වැඩ හොයන්න හොරකම් හොයන්න ඒකකයක් දාලා තියෙනවා. ඒ ඒකකයේ ප්‍රධානියා කරලා තියෙන්නේ හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව. එතකොට හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූවගේ බිරිඳ බැසිල් රාජපක්ෂගේ වංචා දූෂණ නඩුවලදී බැසිල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී ඉඳලා තියෙනවා. එතකොට මෙතැන පැහැදිලිව ලබැඳියාවන් අතර ගැටුමක් තියෙනවා. ඉතින් ලබැඳියාවන් අතර ගැටුමක් තියෙද්දී මේවට සාධාරණයක් ඉටුවෙන්නේ නෑ….’

(මෙම ලිපියේ විජේවීර මරාදැමූ බව කියන කැප්ටන් තෝරදෙණිය මහතා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ඇතුළත්ව තිබුණද, අධිකරණ නියෝගයක් හේතුවෙන් එම කොටස ඉවත් කර ඇත.)



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here