අඳින ඇඳුමට අනුව ගැලපෙන ෂූස් දෙක තෝරා ගන්නේ මෙහෙමයි.

0
9


හැඩට අඳින්න කැමති ස්මාර්ට් අපි හැමෝම ගාව සෙරෙප්පු සපත්තු ජෝඩු කීපයක් තියෙන්නෙ ඒ ඒ ඇඳුමට වගේම අවස්ථාවටත් ගැලපෙන්න. ඒත් සමහර වෙලාවට ඔබ ගාව තිබෙන සපත්තු වලින් අදින ඇඳුමට ගැලපෙන්නේ මොන සපත්තුද කියලා හිතාගන්න බැරි වෙනවා නේද?
නමුත් ඔයා ගාවත් මේ ලිපියේ කියවෙන පාවහන් වර්ග තිබෙනවා නම් ඕනිම අවස්ථාවකට ගැලපෙන්න පලඳින්න පාවහන් ඔයා ගාව තියෙනවා.

ඔබේ වයස තත්වය තරාතිරම කොහොම වුණත් ඔබ ගාව තියෙන්නම ඕනේ පාවහන් වර්ගයක් තමයි Classic pumps කියන්නේ. මේ වර්ගයේ පාවහන් යුගල් කීපයක් පාට, මෝස්තරය,අඩිය උස අනුව ඔබ සතුව තියන බව අපි දන්නවා. නමුත් අනිවාර්‍යෙන් ඔබට පහසු උසකින් යුත් අඩියක් සහිත කලු pumps යුගලක් තියාගත්තොත් ඔබට කිසිදා කල් ඉකුත් නොවන මේ මෝස්තරේ රාජකාරියට අමතරව බොහෝ අවස්ථා වලට බය නැතුව දාන්න පුලුවන්.ඒ වගේම බොහෝ ඇඳුම් වලට වඩාත් හොද පෙනුමක් දෙන්න මේ වර්ගයට පුලුවන්

ගැලපෙන අවස්ථා – රැකියාවට, පාර්ටි වලට

මේවා ගැහැනු ළමයින්ගේ හොඳම මිතුරෙක් වගේ සැලකුවත් වරදක් නෑ. ඒ තරම් ඔබේ දෙපා හැඩ කරන්න මේ වර්ගයට පුලුවන්. ඒ වගේම ඔබේ ඇඳුම් අතර ඇති ඕනෑම ඇඳුමකට බය නැතුව ගලපන්න පුලුවන්. ඉතා මිල අධික නොවන, ඔබට පහසු උසකින් යුතු nude heels ගත්තොත් ඔබට ඕනෑම අවස්ථාවකට සැහැල්ලුවෙන් දාගෙන යන්න පුලුවන්.

ගැලපෙන අවස්ථා- රැකියාවට, එදිනෙදා ගමනට, උත්සව සඳහා

මේ කතා කරන්නේ මුද්‍රිත රෙදි හෝ ලෙදර් වලින් විශේෂයෙන් සතුන්ගේ සමේ ආකාරයට කරන ලද පාවහන් ගැනයි. ඇත්තටම ඒ සතුන්ගේ සමෙන්ම කරන ඒවා තිබ්බත් ඒවා ඉතාම මිල අධිකයි. ඒ නිසා බොහෝ විට අනුකරණ ඒවා තමයි එදිනෙදා වෙළඳ පලේ තියෙන්නේ. Snake print ( උරඟ සමේ ආකාරයට කල රෙදි, රෙක්සින් හෝ ලෙදර් වලින් කල පාවහන්) , leopard print ( කොටි සමේ ආකාරයේ රෙදි වලින් කරපු පාවහන්) කියන්නේ අද වන විට ට්‍රෙන්ඩ් එකේ තියන පාවහන් වර්ගයක්. ඒ වගේම ඔබ අඳින පෙනුම අඩු සරල පෙනුමක් තියන ඇඳුමකට හොඳ පෙනුමක් එකතු කර ඔබේ පෞරුෂයට සහය දෙන පාවහන් යුවලකි. ටිකක් මිලෙන් වැඩි වුණත් වටිනාකම හොඳින්ම පෙන්වන මේ වර්ගය ඔබේ පාවහන් එකතුවේ තියෙන්නම ඕනේ .

ගැලපෙන අවස්ථා – උත්සව අවස්තා සඳහා, සැඳෑ සාද සදහා ,එදිනෙදා ගමනට

අඩි උස පාවහන් දාන්න අකමැති වුනත් එදිනෙදා ජීවිතයේ සුව සුවපහසු වත් සමඟ ලස්සන පාවහන් යුගලක් පලඳින්න කැමති ඔබටත් මේ වර්ගයේ පාවහන් යුවලක් තියෙන්නම ඕනේ. පුංචි බෝ් එකකින් හැඩ වැඩ උන මේ ජාතියේ පාවහන් ඕනම අවස්ථාවකට ගැලපෙනවා වගේම තරුණ ඔබට සුන්දර පෙනුමකුත් ගේනවා.

ගැලපෙන අවස්ථා – එදිනෙදා ගමනට වගේම රාජකාරියටත් ගැලපෙනවා

කිසිදා කල් ඉකුත් නොවන මෝස්තරයක් වන මේ වර්ගයේ පාවහන් ඔබට සරාගී පෙනුමක් ගෙන දෙනවා.ලෙදර්, සින්තටික් ( ලෙදර් නොවන මේවා ලෙදර් වලට සමාන පෙනුමක් දෙන නමුත් මිලෙන් අඩුයි) රෙදි හෝ මිශ්‍ර මාද්‍ය වලින් හැඩකාර ලෙස මේවා නිමවනවා. වැදගත් අවස්ථාවකට දාගෙන යන්න පුළුවන් මේ වර්ගයේ පාවහන් යුගලක් ටිකක් මිල අධික උනත් අරන් තියා ගත්තට ඔබට පාඩු නැහැ. ඉන්ටවිව් එකට මංගල අවස්ථාවකට වගේ තැනකට උනත් ගැලපෙන මේ වර්ගයේ තත්වයෙන් හොඳ පාවහන් යුගලක් නිතර ඔබේ අල්මාරියේ තියාගන්න.

ගැලපෙන අවස්ථා- රාජකාරියට උත්සව අවස්ථාවලට

වසර කීපයක සිට ලෝකය පුරා ට්‍රෙන්ඩ් එකේ තියෙන sneakers ටීනේජර්ස්ලාටත් තරුණ ඔබටත් සැහැල්ලු දඟකාර පෙනුමක් දෙනවා. ටී ශර්ට් එකක් ලෙගින් එකක් ඇඳල එළිපහලියට යන වෙලාවට වඩාත් සුදුසුයි. ඔබට කැමති මෝස්තරයකින්, කැමති බ්‍රෑන්ඩ් එකකින්, වර්ණ රටාවකින් මේ වර්ගයේ සපත්තු ඔබට තෝරා ගන්න තියෙනවා. එදිනෙදා වෙළඳපොලේ ඉතා පහසු මිලේ සිට ඉහළම මිල පරාසය දක්වා මිල ගණන් යටතේ තියෙනවා.

ගැලපෙන අවස්ථා – එදිනෙදා ගමනට,විනෝද ගමන් සඳහා

ඔබට වඩාත් තරුණ සැහැල්ලු පෙනුමක් ගෙන දෙන මේ වර්ගය කාලෙන් කාලෙට අලුත් වෙන මෝස්තර වලින් සමන්විතයි. හැඩකාර ගවුමකට, ශෝර්ට් එකකට, ජීන්ස් එකකට උනත් අඳින්න පුළුවන් . තව ද නිතර නිතර බීච් එකට යන්න කැමති ඔබ මේ වර්ගයේ සෙරෙප්පු දෙකක් ගන්නම ඕනි. මේ වර්ගයේ වඩාත් හොද අලෙවියක් තියන පාට වෙන්නේ tan, taupe සහ brown උනත් ඔබේ ඇඳුමට වර්ණ ගලපන්නත් පුලුවන්.

ගැලපෙන අවස්ථා – එදිනෙදා ගමනට , බීච් එකට

විශේෂ අවස්ථා සඳහා අඳින්න මේ වර්ගයේ පාවහන් දෙකක් ඔබ ගාව තියෙන්නම ඕන. විශේෂයෙන්ම සාරියට ඔසරියට ගැලපෙන්නේ මේ වර්ගයේ metallic පාවහන් තමයි. Gold, silver, bronze යන වර්ණ වලින් gloss හෝ matt නිමාවෙන් යුතුව මේවා වෙළඳ පලට එනවා.ඔබේ උස වැඩි කරල පෙන්වමින් සාරියට හොඳ පෙනුමක් ගෙනත් දෙනවා. සාරි වලට වගේම පාටී dress වලටත් මේ මේ වගේ පාවහන් දැම්මොත් ඔබට සරාගී පෙනුමක් ලැබේවි.

වඩාත් ගැලපෙන්නේ – උත්සව අවස්ථාවලට

ඔබ සමහර සපත්තු දැක්කා ගමන් ආසාවට මිලදී ගත්තට පලඳින්න ගත්තාම තේරෙනවා නේද ඒකෙන් කකුල කැපෙන බව. එහෙම සපත්තු වලට අලවන්න පුලුවන් ස්ටිකර් එකක් වෙලඳ පොලේ තියනව. හීල් කුශන්, band aid, කියලා තමයි මේවා හඳුන්වන්නේ .සපත්තුවේ ඇතුල් පැත්තේ ඇති තියුණු දාර සහිත ස්ථානවලට මේවා අලව ගත්තොත් ඔබට පහසු වේවි. ඒ වගේම සපත්තු දාන හැම වෙලාවෙම ඉන්විසිබල් සොක්ස් දෙකක් දාන්න අමතක කරන්න එපා. මේවා සපත්තු තුළින් පිටතට පෙනෙන්නේ නැහැ. එදිනෙදා වෙළඳපොලේ පහසුවෙන් මිලට ගන්න පුළුවන්. ඉතින් ඊලඟ දවසේ වෙළඳපොළට ගියහම මේ පාවහන් වර්ග ගැනත් හොයලා බලලා ඔබේ පාවහන් එකතු වැඩි කර ගත්තොත් තවත් ලස්සනට ඉන්න පුලුවන්.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here