නිශ්මං රණසිංහ ,මාර්තු 08 කොළඹ LNW:
ගල්තිස්ස මුහුද ආහ්‍රිතව ක්‍රියාත්මක කිලෝමීටර් දෙක මුහුදු පිහිණුම් තරගාවලියේ පළමු දිනය මාර්තු 7 දා පැවති අතර එහිදී විවෘත කාන්තා සූරිය වන්නට අම්බලන්තොට පිහිණුම් ඇකඩමිය නියෝජනය කරන අනුහංසි ද සිල්වා සමත් විය.ඉකුත් වසරේ ද මෙම තරගාවලියේ සූරිය වූ ඇය ඉදිරියේ දෙවන ස්ථානය දිනා ගත්තේ යුද හමුදාව නියෝජනය කළ එන්.එච්.ඩී ද සිල්වා යි.තෙවන ස්ථානය ද අම්බලංගොඩ පී ද එස් කුලරත්න විද්‍යාලයෙන් පැමිණි ඩී.ජී.එස්.එන් ධර්මපාල් විසින් දිනා ගනු ලැබුවා.
ඉකුත් වසරේ දි ෂෙහාරා අනුහංසි මෙම තරගාවලියට සහභාගි වූයේ අම්බලන්ගොඩ දේවානන්දය නියෝජනය කරමින්ය.මුහුදු පිහිණුම් තරගාවලියක කාලය තීරණය කිරීම සඳහා තරගය පැවත්වෙන මොහොතේ මුහුදේ ස්වභාවය ද මූලික වන අතර අනුහංසි ඉකුත් වසරේ වාර්තා කළ කාලය වන විනාඩි 47;33.38 ක දක්ෂතාවය මෙවර විනාඩි 51.24 ක් ලෙස සටහන් වුණා.ඉකුත් වසරේ එම ඉසව්වේදී පානදුර ලීඩ්ස් ජල ක්‍රීඩා සමාජය වෙනුවෙන් තරග වැදී දෙවැන්නිය වූ ගිනුකි තනුල්යා මෙවර පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසලෙන් තරග වඳිමින් හයවැන්නිය ලෙස තරගය නිමා කළා.
අවුරුදු 15 න් පහළ බාලක තරගයේ සූරතාවය හිමිවුණෙ ලැබුවේ කොළඹ ශාන්ත ජෝෂප් විද්‍යාය නියෝජනය කළ ආරොන් ඩි සේරම්ට යි.ජෙෆාරි ඩුල්පන්දන් පිහිණුම් විද්‍යාලයෙන් තරග වැදුණ එම්.එල්.එස්.ආදිත්‍ය දෙවන ස්ථානය දිනා ගත් අතර තෙවැනි තැන හිමි වුණේ ගාල්ල එස්.එන්.එස් ස්විමින්ග් නියෝජනය කළ සෙත්මින් රණවීරට යි.
අවුරුදු 15 න් පහළ බාලිකා තරගයේ ජයග්‍රහණය මින්දි තෙහාස්‍යා පියසේන විසින් දිනා ගනු ලැබුවා.ඇය පානදුර ලීඩ්ස් ජල ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් තරග වැදුණා.දෙවැන්නිය වූයේ ෂෙෆිට් ක්‍රීඩා සමාජයේ කෙයාරා රණපුරයි.අම්බලන්ගොඩ ධර්මාශොක් විද්‍යාලය නියෝජනය කළ එස්.ඒ.ඩී සසන්‍යා තෙවැන්නිය ලෙස තරගය නිම කිරීමට සමත් වුණා.
වසර 220 ක ඉතිහාසයක් හිමි ගල්කිස්ස මවුන්ට් ලැවීනියා හෝටලය ප්‍රධාන අනුග්‍රාහක දායකත්වය දරන ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය සමග අඛන්ඩව 87 වන වරට පැවත්වෙන තරගාවලියේ දෙවන දිනය මාර්තු 8 වන දා පෙරවරු 7.00 පමණ විට ගල්කිස්ස මවුන්ට් ලැවීනියා හෝටලය ආශ්‍රිත මුහුදු තීරයේදී පැවත්වීමට නියමිතව තිබෙනවා.


The post අනුහංසි ගල්කිස්ස මුහුදු පිහිණුම් සූරියගේ කිරුළ රැක ගනියි. appeared first on LNW Sinhala.
Saru News













