අනුෂ පැල්පිට අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට

0
8

හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙක් මෙන්ම අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු වූ අනූෂ පැල්පිට අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

රුපියල් කෝටි හතරයි ලක්ෂ හැටක මුදලක් උපයාගත් ආකාරය හෙළි කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.

අනූෂ පැල්පිට මහතා අද (23) අල්ලස් කොමිසම වෙත පැමිණ ඇති අතර මූලික ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගත් බව එම කොමිසම සඳහන් කළේය.

ඒ මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here