අනුර කියපු කතාවකට සජිත් උත්තර දෙයි! ජනාධිපතිතුමා කොහොමද එහෙම කියන්නේ? මෙහෙම කියන්න ඉස්සෙල්ලා කියපු දේවල් කරලා ඉන්න! VIDEO & PHOTOS I Sri Lanka Latest News

0
10


රට පාලනය කරන ජනතා විමුක්ති පෙරමුණ දිගින් දිගටම බොරු කියමින් ජනතාව රවටමින් මංමුලා කරමින් පච දේශපාලනය ක්‍රියාත්මක කර ජනතා බලාපොරොත්තු විනාශ කරමින් රට පාලනය කරන බවත් විශාල ජන වරමක් ලැබු මේ අයට ජනතාවගේ දුක කදුලු වේදනාවලට විසදුම් නොමැති බවත් අත්‍යාවශ්‍ය ආහාරවල මිල වැඩි වී ඇති බවත් ජනතාවගේ ආදායම් මාර්ග නැති වී ආදායම් අඩු වී ඇති බවත් එවැනි තත්ත්වයක් උඩ වැට් බදු පවා වැඩි වී බඩුමිල පවා වැඩි වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

මේ රජයේ බොරුකාර පාලනයේ ජනතාවට සහන නොලැබීම නිසා ලක්ෂ සංඛ්‍යාත මිනිසුන් දුප්පත් වී ඇති බවත් තාවකාලික වාසි ගන්න විවිධ දේශපාලන තින්දු ගන්නා ජනාධිපතිවරයා වර්තමානයේ පවසන ආකාරයට ජනතා විමුක්ති පෙරමුණේ සභාවක් බිහි නොවුවහොත් ප්‍රතිපාදන ලබා නොදෙන බවට ඉඟි කරන බවත් ජනාධිපතිවරයා කළ යුත්තේ දුප්පත්කම තුරන් කිරීම මිස මෙවැනි ප්‍රකාශ සිදු නොකිරිම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ මීගමුව ආසනයේ, සිරිවර්ධන පෙදෙස කොට්ඨාසයේ පැවැති ජන හමුවකදීය.

රට ශීඝ්‍ර දියුණවක් කරා යාමට අවශ්‍ය පරිසරයක් නිර්මාණය කිරිමට විදුලි මිල අඩු කළ යුතු වුවත් වත්මන් රජය පුනර්ජනනීය බලශක්තිය විනාශ කරමින් යන බවත් අවසානයේ වර්තමාන රජය ඩීසල් බලාගාර තාප බලාගාර මාෆියාවට යට වී ඇති බවත් එබැවින් මේ දුෂ්ට ක්‍රියා සිදු නොකරන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here