අනුර අද මන්නාරමේ ගිහින් පොරොන්දු දෙද්දී සජිත් අද පොතුවිල් ගිහින් උත්තර දෙයි! ජනාධිපතිගේ කයිය විතරයි! වැඩ නෑ! කරන්නෙ එකම එකයි! ඒ පැය 24ම පච කියන එකයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

0
10


අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා විසින් ජනාධිපතිවරණ හා මහමැතිවරණයේදී පොරොන්දු රාශියක් ඉදිරිපත් කළත් ඒවා කරන්න නොහැකි වී ඇති බවත් එයට හේතුව පැය 24ම බොරුව රැවටිල්ල මංමුලා කිරීම පමණක් කළ බවත් මෙසේ බොරු කියා අවසානයේ පළාත් පාලන ආයතනවලට මුදල් ප්‍රතිපාදන වෙන් කරන්නේ මාලිමාවේ පළාත් පාලන ආයතනවලට පමණක් යැයි කියන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

අද වන විට අහස උසට බඩු මිල නැග ඇති බවත් ජනතාවට ජීවත් වෙන්න හැකියාවක් නොමැති බවත් ආදායම් මාර්ග කඩා වැටී දුප්පත්කම වැඩි වී නැතිබැරි කම වැඩි වී ලක්ෂ සංඛ්‍යාත ජනතාවට වේල් තුනවත් පිරිමහගන්න බැරි බවත් සොච්චම් මුදලක් දුන්නා කියා දුප්පත්කම තුරන් නොවන බවත් අප රටට දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනක් අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පොතුවිල් නින්දවූර් මැතිවරණ බලප්‍රදේශයේ ජනතාව සමග පැවැති ජන හමුවකදීය

අප රටේ ගොවිතැනේ නියැළෙන ජනතාව ප්‍රශ්න රැසකට මුහුණ දෙන බවත් කුඹුරු වැඩපටන් ගත්තත් තවමත් පොහොර සහනාධාරය නොමැති බවත් අද⁣ රටේ හාල් මිල වැඩි වී පොල් හිඟය ඇති වී කිරිපිටි හා ලුණු හිඟයක් පවා ඇතිව තිබෙන බවත් මේවා කරන්න බැරි ආණ්ඩුව රටේ ජනතාව ශක්තිමත් කරන්නේ කෙසේද කියා ගැටලුවක් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ආණ්ඩුව දක්ෂ වැඩ කරන්න නෙවෙයි පච කියන්න

මේ ආණ්ඩුව දක්ෂ වැඩ කරන්න නොව බොරු කියන්න පච කියන්න දක්ෂ බවත් පැවසු විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේ මේ රජය පලස්තීන ජනතාව වෙනුවෙන් හඬ නැඟු තරුණයකු පවා ත්‍රස්ත විරෝධී පනත යටතේ අත්අඩංගුවට ගත් බවයි.

කෝ මේ ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදය

ලෝක ප්‍රජාව පවා පලස්තීන හා ඊශ්‍රායල් රටවල් දෙක සාමකාමීව සිටිය යුතු යැය් පිළිගත්තත් අප රටේ වත්මන් ජනාධිපතිවරයා පලස්තීන ජනතාව වෙනුවෙන් තරුණයකු ස්ටිකරයක් ඇලෙව්වා කිවා එම තරුණයාව ත්‍රස්තවාදය වැළැක්වීම පනත යටතේ රැඳවුම් නියෝග දැමු බවත් මෙරට ජනතාවට පලස්තීන ජනතාව වෙනුවෙන් පෙනී සිටින්න අයිතිවාසිකම් ඇති බවත් මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක් බවත් එම නිසා මෙවැනි දේවල් අනුමත කළ නොහැකි බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here