අනුරාධපුර විශේෂඥ වෛද්‍යවරියට අකටයුතුකම් කළ චූදිතයාගේ DNA පරීක්ෂණයකට නියෝග

0
8


පසුගියදා දැඩි ආන්දෝලනාත්මක සිදුවීමක් ලෙස වාර්තා වූ අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහුණු විශේෂඥ වෛද්‍යවරියකට සිදු වූ අකටයුතුකම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන සිටින චූදිතයාගේ DNA වෛද්‍ය පරීක්ෂණයක් සිදු කරන ලෙස අධිකරණය නියෝග කර තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ සැකකරුව අද (10) දහවල් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව
ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළ බවයි.

ඒ අනුව එම වෛද්‍ය පරීක්ෂණය මේ මස 21 වැනි දින අධිකරණයට ඉදිරිපත් කිරීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග ලබා දුන්නා.

එමෙන්ම අදාළ නඩුව එදින ම (අප්‍රේල් 21) යළිත් කැඳවන බව ද අධිකරණය දැනුම්දුන්නා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here