Sunday, May 25, 2025
Saru FM Media
Home ගොසිප් පුවත් අනුදි ටොප් මොඩල් වටයෙන් ඉවතට

අනුදි ටොප් මොඩල් වටයෙන් ඉවතට

0
3


anudi-eliminated-from-top-model image 1

ඉන්දියාවේ හයිද්‍රාබාද් තෙලගනාහි පැවැත්වෙන ලෝක රූ රැජිණ තරගාවලිය යටතේ පැවැත්වෙන උප තරග වට 5 න් 4 වැන්න ‘ටොප් මොඩල් ඇන්ඩ් ඩිසයිනර්’ තේරීමේ තරගය ඊයේ (24) පැවැත්වුණි. එහිදී ඉන්දියාව, අයර්ලන්තය, මාර්ටිනික් රාජ්‍යය හා නැමීබියාව නියෝජනය කළ තරගකාරියන් ජයග්‍රාහිකාවන් ලෙස තෝරාගන්නා ලදි.

මෙම තරගවටයේ අවසන් 8 ක් ‍පමණක් තේරූ අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් සහභාගීවෙමින් සිටින අනුදි ගුණසේකර ඒ අතරට එක්වූයේ නැත.


මෝස්තර ශිල්පී ධනංජය බණ්ඩාර විසින් හැඩගන්වන ලද අලංකාර ගවුමකින් සැරසී අනුදි එම තරග වටයට එක්ව සිටියාය.
මේ දක්වා පැවති උප තරග වට 4 න් අනුදි හෙඩ්ටු-හෙඩ් චැලේන්ජ් අවසන් 20 අතරට හා ටැලන්ට් චැලේන්ජ් අවසන් 24 අතරට පමණක් තේරුණි. ඇය පෙර පැවති ස්පොර්ට්ස් චැලෙන්ජ් හා ඊයේ පැවති ටොප් මොඩල් චැලෙන්ජ් වට වලින් ඉවතට විසිවුණි. 31 වනදා අවසන් තරගය පවත්වන්නට පෙර හෙට (26) ‘බියුටි විත් අ පර්පස්’ අවසාන උප තරග වට‍ය පවත්වන්නට නියමිත අතර අනුදි ඊට සූදානමින් සිටී.
ඊයේ ‘ටොප් මොඩල් ඇන්ඩ් ඩිසයිනර්’ වටයේ ජයග්‍රාහිකා ලැයිස්තුව පහතින්

Top Model Challenge

Placement Continent Contestant
Winners Africa 🇳🇦 Namibia – Selma Kamanya
Winners America and Caribbean 🇲🇶 Martinique – Aurélie Joachim
Winners Asia and Oceania 🇮🇳 India – Nandini Gupta
Winners Europe 🇮🇪 Ireland – Jasmine Gerhardt
Top 8 Africa 🇨🇮 Côte d’Ivoire – Fatoumata Coulibaly
Top 8 Americas and Caribbean 🇻🇪 Venezuela – Valeria Cannavò
Top 8 Asia and Oceania 🇳🇿 New Zealand – Samantha Poole
Top 8 Europe 🇧🇪 Belgium – Karen Jansen

Best Designer Dress

Continent Contestant
Africa 🇿🇦 South Africa – Zoalise Jansen van Rensburg
Americas and Caribbean 🇵🇷 Puerto Rico – Valeria Pérez
Asia and Oceania 🇳🇿 New Zealand – Samantha Poole
Europe 🇺🇦 Ukraine – Maria Melnychenko

anudi-eliminated-from-top-model image 2


anudi-eliminated-from-top-model image 3


anudi-eliminated-from-top-model image 4



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here