Sunday, May 25, 2025
Saru FM Media
Home ගොසිප් පුවත් ‘අනුග්‍රාහක පිරිමින් සතුටු කරන්න අපට කිව්වා’ ඉවත්වූ මිස් එංග්ලන්ඩ් තම රටට ගිය...

‘අනුග්‍රාහක පිරිමින් සතුටු කරන්න අපට කිව්වා’ ඉවත්වූ මිස් එංග්ලන්ඩ් තම රටට ගිය පසු තරගාවලිය පතුරු ගසයි

0
2


we-were-told-to-please-the-male-sponsors-miss-england-leaves-the-competition-after-returning-to-her-country

 ඉන්දියාවේ හයිද්‍රාබාද්හි පැවත්වෙන 72 වන මිස් වර්ල්ඩ් තරගාවලියෙන් එංගලන්ත තරගකාරිය ඉවත් වීමෙන් පසු ඇය තරගාවලිය අතරතුර සිදුවන පහත් ක්‍රියාවන් හා සංවිධායකයින්  තරඟකරුවන්ට සැලකීම පිළිබඳ චෝදනා නගමින් මතභේදයක් ඇති කර තිබේ.

2024 මිස් එංගලන්ත ජයග්‍රාහිකාව වන 24 හැවිරිදි මිලා මැගී, මූලික වට ආරම්භය සමග මැයි 16 දින ඇගේ මව්ගේ සෞඛ්‍යය සම්බන්ධ පවුලේ හදිසි අවශ්‍යතාවයක් සඳහන් කරමින් තරගාවලියෙන් ඉවත්ව ගිය අතර දෙවැනි තැන ගත් තරගකාරිය ඇය වෙනුවට එංගලන්තයෙන් සහභාගී කර තිබුණි. කෙසේ වෙතත් ඉවත්ව ගිය මිලා මැගී පසුව සිය රටදී මාධ්‍ය අමතමින් තමන් ඉවත්ව ගිය සත්‍ය හේතුව තරග සංවිධානය ගැන කලකිරීම් රැසක් මැද ආ පිළිකුල් සහගත හැඟීමක් බවට විස්තර කළාය.
මැගී, පසුව මාධ්‍ය සම්මුඛ සාකච්ඡාවලදී හෙළි කළේ තරගාවලි සංවිධායකයින්ගේ අවමාන කරන සැලකීම් නිසා ඇය ඉවත් වූ බවයි. මේ ආකාරයට මිස් වර්ල්ඩ් තරගාවලියක් මැද ඉවත්ව ගිය එංගලන්තයේ පළමු  මිස් වර්ල්ඩ් අපේක්ෂිකාව බවට පත්ව සිටින ඇය සිය කැප කිරීම සිදුකරන්නට තරම් අප්‍රියජනක අත්දැකීම් අත්වින්ද බවට දැඩි දෝෂාරෝපණයක් එල්ල කර ඇත.
සමුද්‍ර ජීවිතාරක්ෂක සේවය සහ සර්ෆ් ක්‍රීඩිකාවක් ලෙස කටයුතු කරන මැගී, මිස් වර්ල්ඩ් සංවිධානය තරඟකරුවන්  “යල්පැන ගිය” ක්‍රමයක් ක්‍රියාත්මක කරන බවට ද චෝදනා කළාය.
මිස් වර්ල්ඩ් තරගකාරියන් ලිංගිකව සූරාකෑමට ලක්කරන බවටද ඇය බරපතල චෝදනාවක් කර තිබේ.
ඇය තරගාවලියේ සහභාගීවීම් තුළ “ගණිකාවන් කරවන” සහ “විනෝදාස්වාදය වෙනුවෙන් පාවාදෙන” අවස්ථා උදාවූ බවට උදාහරණ ගෙනහැර පා ඇත.
මැගීට අනුව, තරඟකරුවන් ආහාර ගැනීමේ කාලය ඇතුළු සෑම විටම සිරරු වැසෙනසේ  විධිමත් ගවුම් පැළඳීමට අවශ්‍ය වූ බවත්, මුහුණු වර්ණ ගැන්වීම් පාලනය කළ බවත් පවසා ඇත.


මෙම තරගාවලිය සඳහා සඳහා මුදල් ලබා දුන් අනුග්‍රාහක ධනවත් පිරිමින්ට විනෝදාස්වාදයක් ලෙස සේවය කිරීමට ඉඩ සලසා තිබූ බවත් විවේචනය කරන්නීය.
ඇය මෙය පැහැදිලි කරමින් කියා තිබෙන්නේ රාත්‍රී ආහාර ගැනීමේ අවස්ථාවකදී තරඟකාරියන් යුගල වශයෙන් පිරිමින් හය දෙනෙකු සමඟ මේසවලට අනුයුක්ත කර, ඔවුන්ගේ මූල්‍ය දායකත්වයට කෘතඥතාවක් ලෙස ඔවුන්ට “විනෝදාස්වාදයක්” ලබා දෙන ලෙස උපදෙස් දුන් බවය.
අපි ඇයි මේ පිරිම සමග වාඩි කෙරෙව්වෙ යන පැනයට සංවිධායකයින් ලබාදුන් පිළිතුර වී ඇත්තේ ‘ඔවුන් නිසා තමයි තරගාවලිය පවත්වන්න පුළුවන් වුනේ. ඒ නිසා අපි ඔවුන් විනෝද කර සතුටට පත් කළ යුතුයි’ යන්නයි.
මැගී මෙම අන්තර්ක්‍රියාව තම අභිමතයෙන් වෙනස් කළ නොහැකිවූ එකක් ලෙසද ‘අසහනයක්’ ලෙසද වාර්තා කළ අතර, විශේෂයෙන් ඇය පෙන්වා දෙන්නේ ලෝකය හමුවේ සමාජ වැඩ කරන අය ලෙස හුවා දක්වමින් තරගකාරීන් සුදු චරිත කර තරගය ප්‍රචාරණය කළද ඇතුළතදී පහත් පෙළේ වහල් වැඩ සිදුකරන්නට සිදුව ඇති බවයි.
ඇය කියන්නේ සංවිධායකයින් තරඟකරුවන් “වඳුරන්” මෙන් සලකා කටයුතු කළ බවයි. ඔවුන්ගේ නියෝග විවේචනය කළ පසුව සැලකිලි අඩුවන්නට පටන්ගත් බවත් කැපිලි ආරම්භවූ බවත් ඇය විස්තර කළාය.
මැගී කියා සිටියේ මෙම තරගාවලියේ ඇගේ සහභාගීත්වය තුලින් ඇගේ සදාචාරාත්මක වටිනාකම් නැති කරගන්නට අකමැතිවූ නිසා ඉවත්වූ බවයි. එසේම මිස් එංගලන්ත තරගයේ පැවති “අරමුණ සහිත සුන්දරත්වය” මෙහෙවර සඳහා ඇගේ කැපවීම දිගටම පැවති බව අවධාරණය කළාය. ඇය CPR දැනුවත්කිරීමේ ව්‍යාපාර ප්‍රවර්ධනය කිරීමට සහ ස්වාභාවික සුන්දරත්වය වැලඳ ගැනීමට තරුණ කාන්තාවන් දිරිමත් කිරීම සඳහා මුහුණු වර්ණ නොමැතිව පෙර තරගාවලි වලට සහභාගී වීමට ඇගේ වේදිකාව භාවිතා කර තිබුණි.
කෙසේ වෙතත්, මිස් වර්ල්ඩ්හිදී ඇයට හැඟුණේ ඇගේ භෞතික පෙනුමට පමණක් සීමා වී ඇගේ උපදේශන කටයුතුවලට පටහැනි ප්‍රමිතීන්ට අනුකූල වීමට බලපෑම් කරන බවයි.
කෙසේ වෙතත් මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශ වලින් පසු මිස් වර්ල්ඩ් සංවිධානය මැගීගේ චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කර, සභාපති ජූලියා මෝර්ලි මෙම ප්‍රකාශන “සම්පූර්ණයෙන්ම පදනම් විරහිත”, “අසත්‍ය” සහ “හානිකර” එකක් ලෙස හඳුන්වා ඇත.
මැගීගේ ඉවත්වීම නීත්‍යානුකූල පවුලේ හදිසි අවස්ථාවක් නිසා වූ බවත් ඇගේ යහපැවැත්ම ඔවුන්ගේ ප්‍රමුඛතාවය වූ බවත් සංවිධානය කියා සිටි අතරම ඇගේ විවේචනාත්මක ප්‍රචාරණයට ප්‍රතිරෝධය දැක්වීම සඳහා, මිස් වර්ල්ඩ් නිලධාරීන් ඉන්දියාවේ ඇගේ ගැවසීම අතරතුර කෘතඥතාවය සහ සතුට ප්‍රකාශ කරමින් මැගී හැසිරෙන සංස්කරණය නොකළ වීඩියෝ දර්ශන නිකුත් කර, මෙම ක්ලිප් ඇගේ පසුකාලීන ප්‍රකාශන වලට පටහැනි බව තර්ක කර තිබේ.
මැගී වෙනුවට පසුව, මිස් එංගලන්ත තරගාවලියේ දෙවැනියා වන චාර්ලට් ග්‍රාන්ට්, මිස් වර්ල්ඩ් 2025 තරගාවලියේ ඉතිරි කාලය සඳහා එංගලන්තය නියෝජනය කිරීමට ඉන්දියාවට යවන ලදී.

gossiplanka image 1


gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4


gossiplanka image 5
gossiplanka image 6



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here