අනියම් සම්බන්ධතා නිසා දුර්වල වූ පවුල් බැඳීම් නැවත ශක්තිමත් කර ගත හැකිද?

0
13


Smartlady ෆේස්බුක් සමූහයට ලැබෙන නිර්නාමික ගැටලු බහුතරයක තිබෙන්නේ අනියම් සම්බන්ධතා නිසා සිදු වූ හානි ගැන කතා සහ ඒ සඳහා ඉල්ලූ විසඳුම් ගැනයි.

අනියම් සම්බන්ධතා නිසා බොහෝ පවුල් තුල සියලුම සාමාජිකයන් පීඩාවට පත් වෙනවා, විශේෂයෙන් කාන්තාවන් හා දරුවන්.. මේ නිසාම මේ ගැන විද්වත් වෘත්තිය දැනුමක් සහිත කෙනෙක් ගෙන් විසදුම් හොයන්න අපි හිතුව..

මේ නිසාමයි මෙවැනි ගැටලු විසදාගත හැකි ක්‍රම ගැන ඔබ දැනුවත් කරන්නට මානව හැකියා ප්‍රවර්ධන විශේෂඥවරියක වන රත්නා පුෂ්පකුමාරි මහත්මිය ගෙන් සහයක්, මගපෙන්වීමක් ගන්න අපි හිතුවෙ..

ගැහැණියක සහ පුරුෂයෙකු අතර මානසික සම්බන්ධතාවය අපිට ආදර සම්බන්ධතා කියලා හඳුන්වන්න පුලුවන්. කායික බැඳීම් ලිංගික සම්බන්ධතා ලෙස ගන්න පුලුවන්. මේ දෙකම මිනිසාට අත්‍යවශ්‍ය දෙයක්. මේ සම්බන්ධතා ඇතුළේ යම් සංස්කෘතික රාමුවක හිරවෙලා ඉන්න අපිට සිදු වෙලා තියනවා. මේ රාමුව තුළ සම්බන්තා නියම් සම්බන්ධතා වෙනවා වගේම රාමුවෙන් පිට පනින සම්බන්ධතා අනියම් සම්බන්ධතා වෙනවා.

සමහර වෙලාවට ඇත්තටම ඔබේ සහකරුට සම්බන්ධයක් නැහැ. ඔබ සැකයකින් පීඩා විඳිනවා. සමහර වෙලාවට ඇත්තටම සම්බන්ධයක් තියෙන්න පුලුවන්. ඒ වගේ අවස්ථාවක එයට හේතුව හොයා ගැනීම අවශ්‍යමයි.
හැබැයි එහෙම සහකරුගේ වෙනත් සම්බන්ධයක් තියෙනවා නම් ඔබට කියන්න දෙයක් තියනවා. කාලයක් ඔබ සමඟ ආදරයෙන් ජීවිතය බෙදා ගත් කෙනා එක් මොහොතකදි වෙනස් වුණාට නැවත ඔහු ඔබට ආදරය කරන තැනට උපදේශනයට පසු අරන් එන්න පුලුවන්.
ඔබත් සිතිය යුතු දෙයක් තියනවා.. ඉතා ආදරයෙන් සිටි ඔබේ සැමියා වෙනත් ආදරයක් සොයා ගියේ ඇයි කියන කාරනාව.

ලංකාව ඇතුළේ අපිට ආදරය සහ ලිංගිකත්වය යුවළක් තුළ කොපමණ ගැළපෙනවා යන්න බලන්න සදාචාර සීමාවන් හරස් වෙනවා. නමුත් වෙනත් රටවල Living Together සංකල්පය නිසා විවාහයට පෙර මේ ප්‍රශ්න බොහෝ දුරට විසඳෙනවා.

මෙන්න මේ නිසා ෆේස්බුක් එකෙන් හම්බෙලා මාස තුනෙන් කසාද බඳින්න යන්න එපා. පුලුවන් තරම් ඔබේ සහකරු හඳුනාගෙන සැබෑවටම ඒ සම්බන්ධය විවාහයක් දක්වා ගෙන යා යුතු ද යන්න තීරණය කරන්න. හැබැයි අමතක කරන්න එපා 100% ගැළපෙන්නේ නම් කිසිම කෙනෙක්.

පෙම්වතෙක් හැටියට ඔහු ඔබට ආකර්ෂණය වුණේ ඔබේ යම් කිසි වටිනාකමක් දැකලා, ගුණාංග දැකලා.. ඒවා විවාහයෙන් පස්සෙ වර්ධනය කර ගන්නවා මිස අඩු කර ගන්න එපා.
ඔබ ගෘහණියක් වෙන්න පුලුවන්. ගෙදර වැඩ බොහොම තියනවා තමයි. හැබැයි ලස්සනට ඉන්න. පිරිසිදුව ඉන්න. රැකියාවට යන ස්වාමියා දකින්නේ පිළිවෙලකට ඉන්න ලස්සන ගැහැණු. නීතියට බැඳීම් තිබ්බට හිතට සීමා නෑ කියලා අමතක කරන්නම එපා.

හැබැයි නොකියාම බැරි දෙයක් තියනවා ලෝකයේ ඉන්න හොඳම කාන්තාව ලැබුණත් ඇය එක්ක නොඉඳ වෙනත් ඇසුරක් හොයන පිරිමිත් ඕනෑ තරම් ඉන්නවා. හැබැයි ලිංගික ආකර්ෂණය, ඔහුට සවන්දීම, ඔහුගේ දේවල් බෙදා ගැනීම තුළින් ඔහු වෙනතකට යොමු වීම වළක්වා ගන්න පුලුවන්..

ඒ ගැනම හිතමින් ඔහු සමඟ රණ්ඩු කරන්න එපා. අම්මට,නැන්දම්මාට, යාලුවාට, මිතුරියට හැමතැනම කියමින් ගියොත් ප්‍රශ්නය තිබුණාට වඩා වැඩි වෙන්න පුලුවන්. ඒ වගේම ඔබේ ආදරය ඔහුට ලබා දී නැවත ඔහුව ඔබට ලබා ගන්නත් පුලුවන්.හැබැයි ඔබ උපදේශනයකට යොමු වී ඔබේ ගැටලුවේ,ස්වභාවය හඳුනා ගැනීම වැදගත්. විශේෂම දේ මේ කාරණය ඔබව පෙළනවා නම් දිගටම පෙළි පෙළි ඉන්න එපා. උපදේශනය සහ ගැටලුව විසඳා ගැනීම ඉතා වැදගත්.

 

අපේ හිත් ඉතා ඉක්මනින් මෙවැනි දේට නතු වෙනවා. ඒත් හිත පාලනය කරගැනීම හරිම වැදගත්. මොනම අවස්ථාවකවත් තවත් ගැහැණියක සතු ආදරයක් උදුරා ගන්න එපා. ආදරය හරිම සුවබර දෙයක්. ඇයි අපි ඒක නරක් කර ගන්නේ. එවැනි බොහෝ සම්බන්ධතා ඔබවත් අවුලෙන් අවුලට ඇද දමනවා මිස සැනසුමක් ගෙන එන්නේ නෑ..

මේ සම්බන්ධයෙන් රත්නා පුෂ්පකුමාරි මහත්මිය දැක්වූ සම්පූර්ණ අදහස් ඔබට මේ වීඩියෝ එකෙන් නරඹන්න පුලුවන්

ආදරය කියන්නේ ජීවිතයට සැනසීම ගෙන එන දෙයක්. එය පඹ ගාලක් කර ගැනීම නිසා ඔබට ලැබෙන දෙයක් නැහැ. ඒ නිසා කිසි දවසක ආදර කතාවක තෙවැන්නියක වෙන්නට එපා.

ආදරෙන් ඉන්න.. ජීවිතේ විඳින්න



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here