අනියම් පෙම නිසා ජීවිතයෙන් වන්දි ගෙවූ හෙදිය 

0
2

අරණායක රෝහලේ සේවය කරන ලද 35 හැවිරිදි හෙදිය ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇයගේ අනියම් සැමියා බව කියන පුද්ගලයෙකු පොලිසීය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 

අදාළ ඝාතනය සඳහා යොදා ගත් තියුණු ආයුධය ද පොලීස් භාරයට ගෙන ඇති බව සඳහන්ය.

ඝාතනයට ලක් වූ තැනැත්තිය මීට පෙර විවාහවී වයස අවුරුදු හතක පිරිමි දරුවෙක් සම විවාහක සැමියාගෙන් නීත්‍යානුකූල නොවන අයුරින් වෙන්ව කුලී නිවසක පදිංචිව සිට ඇත.

එම කාලයේදී අදාළ හෙදිය විසින් 33 හැවිරිදි අයෙක් සමඟ ප්‍රේම සබඳතාවක් ආරම්භ කර ඇති බවට සඳහන් වේ.

කෙසේ වෙතත් ඉන් අනතුරුව ඔවුන් දෙදෙනා අතර ආරවුලක් හටගෙන ඇති අතර ඊයේ (01) සේවය නිමා කර ඇය නිවසට පැමිණ අනියම් පෙම්වතා එහි රැඳි සිට ඇත.

ඔහු නිවසේ සිටිනු දුටු මරණකාරිය නිවසෙන් පිටතට පැමිණ අසළ නිවසකට ගොස් ඇති තිබේ. 

අනතුරුව ඇය ලුහුබැඳ ගිය අනියම් පෙම්වතා විසින් අසල්වැසි නිවාස ඉදිරිපිටදී හෙදිය සමඟ ගැටුමක් ඇති කරගත් බව සඳහන් වේ.

ඉන් අනතුරුව සැකකරු විසින් තියුණු ආයුධයකින් ඇයට පහරදී පලා ගොස් ඇත. 

ඇදවැටුණු ඇයව අසල්වාසින් විසින් අරණායක රෝහලට ඇතුළත් කළ ද ඒ වනවිටත් ඇය මියගොස් සිටි බව රෝහලේ වෛද්‍යවරු ප්‍රකාශ කළහ. 

මාවනැල්ල වැඩ බලන මහේස්ත්‍රාත් නිෂේධා කුමාරි කරුණාතිලක මහත්මිය අද (02) දහවල් සිද්ධිය වූ ස්ථානයට ගොස් ස්‍ථානීය මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කළාය.

මරණකාරියගෙ සිරුර කෑගල්ල මහ රෝහලේ විශේඥ අධිකරණ වෛද්‍ය නිලධාරි වෙත යොමු කර අධිකරණ වෛද්‍ය වාර්තාව අධිකරණයට ඉදිරිපත්කරන ලෙසට ද නියෝග කර තිබේ.

සැකකරු අද (03) මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here